ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

හිටපු ඉන්දීය අගමැති රාජීව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් සියලු දෙනාම නිදහස් කළයුතු බවට තමිල්නාඩු රජය තීරණය කොට ඇත.
එම වරදකරුවන් සත් දෙනා වසර විස්සකට වැඩි කාලයක් දැනටමත් සිරදඩුවම් විඳ ඇති හෙයින් ඔවුන් නිදහස් කිරීමට තීන්දු කර ඇති බවයි පැවසෙන්නේ.
ඔවුන් නිදහස් කිරීමට නම් මධ්‍යම රජය විසින් එම තීරණය අනුමත කළ යුතු වුවද, තමිල්නාඩු මහා ඇමතිනී ජයලලිතා පවසන්නේ එම අනුමැතිය සඳහා දින තුනකට වැඩි කාලයක් බලා සිටීමට තමන් සුදානම් නැති බවයි.
“දවස් තුනක් ඇතුළත තීරණයක් දෙන්න මධ්‍යම රජයට බැරි වුනොත් අපි ඒ හත් දෙනාම නිදහස් කරනවා” යැයි ඇය ප්‍රකාශ කළාය.

මහ මැතිවරණය අත ළඟ

මේ අතර මීළඟ ඉන්දියානු මහා මැතිවරණය ලබන මැයි මස පැවැත්වීමට නියමිතව ඇත.
තමිල්නාඩුවේ බලවත්ම දේශපාලන පක්ෂ දෙකක නායකයන් වන මහ ඇමතිනී ජයලලිතා ජයරාම් සහ ඇගේ විරුද්ධ පක්ෂ අපේක්ෂකයා වන මුතුවෙල් කරුණානිධි යන දෙදෙනාම ශ්‍රී ලංකාවේ ද්‍රවිඩ බෙදුම්වාදී ප්‍රශ්නය සඳහා දෙමළ ජනතාවගේ කැමැත්ත ලබා ගැනීමේ උපායක් ලෙස යොදාගනිමින් සිටින බවයි පැවසෙන්නේ.
තමිල්නාඩු රජය ගාන්ධි ඝාතනයේ සියලුම වරදකරුවන් නිදහස් කිරීමට තීරණය කළේ ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔවුන්ගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වාවූ සිර දඬුවමක් දක්වා ලිහිල් කිරීමෙන් දිනකට පසුවයි.
ද්‍රවිඩ ජාතික මරා ගෙන මැරෙන බෝම්බ කාරියක විසින් රජීව් ගාන්ධි මරා දමනු ලැබුවේ 1991 මැයි මාසයේදී ඔහු තමිල්නාඩුවේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට සහභාගී වූ අවස්ථාවක දී.
බෝම්බය පුපුරුවා හැරීමෙන් එවකට හතළිස් හත් වැනි වියේ පසුවූ රජීව් ගාන්ධි සහ බෝම්බකාරිය ද ඇතුළු තවත් දාහත් දෙනකු ජීවිතක්ෂයට පත්වුහ.
1987 වසරේදී ඉන්දියානු හමුදාව ශ්‍රී ලංකාවට යවා උතුරේ කොටි කැරලිකරුවන් මර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජයට සහය දැක්වීම හේතුවෙන් ගාන්ධි LTTE සංවිධානයේ ඉලක්කයක් බවට පත්වූ බවයි පැවසෙන්නේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්