ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සිගරැට් පැකැට්ටුවක රූපමය අවවාද 80ක ප්‍රමාණයක් ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම එකඟතාවය මත සභා සම්මත විය.දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත යටතේ මෙම නියෝග සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කරනු ලැබිය. ඊයේ දිනය පුරාම පාර්ලිමේන්තුවේදී මෙම ගැසට් නිවේදනය විවාද කළ අතර විවාදය අවසානයේ ගැසට් පත්‍රයේ අඩංගු නීති සභා සම්මත විය.
ඒ අනුව රූපමය අවවාද 80 ක ප්‍රමාණයක් සිගරැට් පැකට්ටුවේ ඇතුළත්වීම අනිවාර්ය කිරීම ඇතුළු නියෝග හතරක් මෙම ගැසට් නිවේදනයෙන් පනවා තිබේ. දුම්කොළ නිෂ්පාදනය (‍ලේබල් කිරීමේ සහ ඇසුරුම් කිරීමේ)දී අනුගමනය කළ යුතු කරුණු කාරණා රැසක් මෙම නියෝගයට ඇතුළත් වේ.

සිගරැට් භාවිතයේදි පිටවන දුමාරය නිසා සෞඛ්‍යයට සිදුවන බලපෑම් හා උපද්‍රව පිළිබඳව අසත්‍ය නොමග යවනා සුළු රැවටිලි සහගත පණිවුඩ සිගරට් අඩංගු කිසිදු පැකැට්ටුවක හෝ පාර්සලයක ප්‍රදර්ශනය නොකළ යුතු බවද එහි දැක්වේ.
“අඩු”, “සැර නැති”, “අධිසැර නැති”, “මෘදු”, හෝ “අමතර” යන වචන අඩංගු විස්තර, වෙළෙඳ ලකුණු හෝ රූප සිගරැට් අඩංගු පැකැට්ටුවල අඩංගු නොවිය යුතු බවද මෙම ගැසට් නිවේදනයෙන් නියම කළ නියෝගයන්හි සඳහන්ය.
තවද ගැසට් පත්‍රයේ දක්වා ඇති රූපමය සෞඛ්‍ය අවවාදයන් අතරින් එකක් සිගරැට් අඩංගු සෑම පැකැට්ටුවකම හෝ පාර්සලයකම දෙපැත්තේ මුද්‍රණය කළ යුතු බව මෙහි දක්වා ඇත.
ඒ අනුව ගැසට් නිවේදනය ප්‍රකාරව ක්‍රියා නොකරන ආයතනවලට එරෙහිව කටයුතු කිරීමේ හැකියාව ද මෙමගින් ඇති කර තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්