ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දෘෂ්ටි විශේෂඥ ආයතනයක හිමිකරුවෙක් වන කෝටිපති ව්‍යාපාරික මිහිර වික‍්‍රමාරච්චි මහතාට යකඩ පොල්ලකින් පහරදී කකුල කඩා දැමීම සම්බන්ධයෙන් වූ වරදකරු වීම නිසා  එජනිස හිටපු පළාත් සභා මන්ත්‍රී මෙවර අපේක්ෂක සහ නළුවෙකුද වන රොජර් වැන්ඩර්වෝල් හෙවත් රොජර් සෙනෙවිරත්න වරදකරු කළ අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු දේවිකා අබේරත්න බරපතල වැඩ සහිත දෙවසරක සිරදඩුවමක් ද රුපියල් 3500 ක දඩයක් ද ලක්ෂ දෙකක වන්දියක්ද නියම කළාය. සිර දඩුවම පසුව වසර 5 ක් දක්වා අත්හිටුවීය.

පාදයට සිදු වූ හානියට එම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරිය එම වන්දිය නොගෙවන්නේ නම් එය දඩයක් ලෙස අයකර ගැනීමටත් එකී දඩය නොගෙවන්නේ නම් අමතර වසර දෙකක බරපතල සිරදඩුවම් ලබාදීමටත් නියම කළාය.

පෙර කී රුපියල් 3500 දඩය නොගෙවන්නේ නම් බරපතල වැඩසහිත මාස හතරක සිරද`ඩුවම් ලබාදීමට ද විනිසුරුවරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.
රොජර් සෙනෙවිරත්න මෙකී අපරාධය සිදුකර වසර 10 කට  අධික කාලයක් ගතවීමෙන් පසුව නඩු තීන්දුව ලබා දී ඇත.

රොජර් සෙනෙවිරත්න ප්‍රසිද්ධියට පත් වීමට පෙර විවාහක දෙදරු පියෙකුව සිටියේ ය.පසුව රොජර් සෙනෙවිරත්න ප්‍රසිද්ධ චරිතයක් වීමත්, මුදල් ගැවසීමත් සමග එතෙක් තමාට සැලකූ බිරිඳ සහ දරුවන් අතහැර ටෙලිනාට්‍යයක් රූපගත කිරීමට නිවස දුන් ව්‍යාපාරිකයෙකුගේ ධනවත් බිරිඳක් රැගෙන පලා ගියේ ය. ව්‍යාපාරිකයා තම බිරිඳ සොයා පැමිණි අවස්ථාවකදී රොජර් සෙනෙවිරත්න ව්‍යාපාරිකයාගේ කකුල කැඩෙන්නට යකඩ පොල්ලකින් පහරදුන්නේ ය. අද නඩු තීන්දුව දුන්නේ එකී පහර දීමට රොජර් සෙනෙවිරත්න වැරදි කරු කරමිනි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්