ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පාසලට යන බස්‌ රථයට යැම සඳහා සිය සැමියා සමඟ යතුරු පැදියෙන් යමින් සිටි පාසල් ගුරුවරියකගේ සාරිපොට යතුරුපැදියේ පිටුපස රෝදයේ පැටලීමෙන් ඇය මහ මගට ඇදවැටී පිටුපස පැමිණෙමින් තිබූ ටිපර් රථයකට යටවී බරපතළ තුවාල ලබා මියගොස්‌ ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි.

ඉබ්බාගමුව යකල්ල මංසන්ධියේදී (21 දා) උදෑසන 6.10 ට මෙම අනතුර සිදුවී ඇත. අනතුරින් මියගොස්‌ ඇත්තේ ඉබ්බාගමුව දැදුරුඔය පදිංචි මාතලේ සහිරා විද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරන පුන්‍යා චතුරානි හිඳගොල්ල (28) නමැති එක්‌දරු මවකි. මියගිය පාසල් ගුරුවරියගේ හදිසි මරණ පරීක්‍ෂණය ඉබ්බාගමුව හදිසි මරණ පරීක්‍ෂක ඩී. එම්. එස්‌.කේ. දහනක මහතාගේ මූලිකත්වයෙන් ගොකරැල්ල දිසා රෝහලේදී පැවැත්විණි.

අනතුර සිදු කළ ටිපර් රථ රියෑදුරු රථය නොනවත්තාම ධාවනය කොට ප්‍රදේශයෙන් පලාගොස්‌ ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පුළුල් මෙහෙයුමක්‌ ගොකරැල්ල පොලිසියෙන් අරඹා ඇත.

මියගිය ගුරුවරිය මාතලේ සහිරා විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක්‌ වශයෙන් සේවය කරන අතර මෙදින පාසලට යැමට බස්‌ රථය මගහැරීවි යයි කියා සැමියා සමඟ ඉක්‌මනින් යතුරුපැදියෙන් යමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්