එස්‌ටීඑෆ් නිලධාරීන්ට වෙඩි තබා
පලායද්දි පාතාලයේ දෙදෙනා වෙඩි කා නසිති
මාතර දික්‌වැල්ල රත්මලේ ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට පෙරේදා (01 වැනිදා) රාත්‍රි වෙඩි තබා පලායැමට තැත් කළ නමගිය පාතාල සාමාජිකයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත.
මෙම පාතාල කල්ලි සාමාජිකයන් දෙදෙනා සතුව තිබී මයික්‍රො වර්ගයේ පිස්‌තෝලයක් හා ජීව අත්බෝම්බයක් සොයාගෙන තිබේ.
මෙම ගැටුමේදී තුවාල ලැබූ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් දෙදෙනකු රෝහල්ගත කර ඇත. මෙහිදී මරුමුවට පත් වූ මිනුවන්ගොඩ ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචි හමුදාවෙන් පලා ආ බව කියන ජීවන සුනිමල් රාජපක්‍ෂ නමැත්තා මිනීමැරුම් හතක්, මංකොල්ලකෑම්, කප්පම් ගැනීම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බව පොලිසිය පවසයි.
මරුමුවට පත් වූ අනික්a පුද්ගලයා මීවැල්ල දික්‌වැල්ල ප්‍රදේශයේ පදිංචි නලින්ද ප්‍රදීප් නමැත්තෙකි. මෙම පුද්ගලයාගේ නිවසේ සඟවා තිබී මිලිමීටර් 3-8 වර්ගයේ පිස්‌තෝලයක් ද සොයාගෙන තිබේ.
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ප්‍රධාන පෙළේ පාතාල
කණ්‌ඩායමක ප්‍රබල සාමාජිකයකු වන ජීවන රාජපක්‍ෂ නමැත්තා
දික්‌වැල්ල ප්‍රදේශයේ සැරිසරන බවට පොලිස් විශේෂ කාර්ය
බළකා බුද්ධි අංශ වෙත තොරතුරු ලැබී ඇත්තේ මීට මාස හයකට
පෙරය.
ඒ අනුව විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා, උප පොලිස් පරීක්‍ෂක සංගීත් ඇතුළු නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශයට ගොස් විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන ලදී.
මෙම පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා විසින් උපදෙස් ලබා දී තිබිණි. ඒ අනුව පෙරේදා රාත්‍රි 11.55 ට පමණ දික්‌වැල්ල රත්මලේ ප්‍රදේශයේ මාර්ග බාධක යොදාගනිමින් සැකකටයුතු වාහන පරීක්‍ෂා කිරීමට විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු කටයුතු කළහ. ඒ අවස්‌ථාවේ පොලිස් අණ නොතකා ධාවනය වූ ත්‍රිරෝද රථයක් පසුපස විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පන්නාගෙන ගොස් තිබේ.
එහිදී ත්‍රිරෝද රථය පෙරළී ගොස් ඇති අතර එහි සිටි පුද්ගලයන් දෙදෙනකු එකවර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට වෙඩි තබමින් පලායැමට උත්සාහ දරා ඇත. ඒ අවස්‌ථාවේ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා ඇත. පසුව ඔවුන් බතීගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙහිදී මරුමුවට පත් වූ ජීවන සුනිමල් රාජපක්‍ෂ මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ කිහිපයක මිනීමැරුම් හතකට සම්බන්ධ බව පරීක්‍ෂණවලදී හෙළි වී තිබේ. මීට වසර කිහිපයකට උඩදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ හෝටලයකට කඩාවැදී එහි සිටි පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේද මොහු විසින් බව පොලිසිය පවසයි.
ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලි සාමාජිකයන් පිරිසක් යෑයි සිතා වැරදි තොරතුරකට අනුව මොහු විසින් මරා දමනු ලැබුවේ අහිංසක පුද්ගලයන් තිදෙනකු බව පසුව අනාවරණය වී තිබිණි.
ජාඇල ප්‍රදේශයේ ජයේ මුදලාලි නමැත්තා ඝාතනය කිරීම, මිනුවන්ගොඩ සුමිත් නමැති අයකු මරා දැමීම මොහු විසින් කර ඇති බවට ද චෝදනා එල්ල වී ඇත.
තංගල්ල ප්‍රදේශයේ වට්‌ටක්‌කා සරත් මරා දැමීම, මීට දින කිහිපයකට උඩදී කටුනායක ප්‍රදේශයේ දෙමළ තරුණයකු ඝාතනය කිරීමද ජීවන රාජපක්‍ෂගේ අවශ්‍යතාව මත සිදුවී ඇති බව හෙළිවී තිබේ. කටුනායක දෙමළ තරුණයා ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයකු පොලිසියට බාර වී සිටින අතර මිලිමීටර් නමය වර්ගයේ පිස්‌තෝලයක් ද එම පුද්ගලයා විසින් පොලිසිය වෙත බාරදී ඇත. එහෙත් ආරංචි මාර්ග පවසන්නේ එසේ බාර වූ පුද්ගලයා සහ ගිනි අවිය මෙම ඝාතනයට සම්බන්ධ නොවන බවයි.
මිනුවන්ගොඩ, කටුනායක, මීගමුව ඇතුළු ප්‍රදේශ ගණනාවක ව්‍යාපාරිකයන් බියවද්දා මහා පරිමාණයෙන් කප්පම් ලබාගැනීම් සම්බන්ධයෙන් ජීවන් නමැත්තාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙන බවත් පොලිසිය පවසයි.
ඊට අමතරව ඔහු මහා පරිමාණ කොල්ලකෑම් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය වී සිටි අයෙකි. මිනුවන්ගොඩ ප්‍රදේශයේ විවිධ අපරාධවල නිරත වන මෙම පාතාල ප්‍රබලයා තම ආරක්‍ෂාව සඳහා මාතර දික්‌වැල්ල ප්‍රදේශයට ගොස් සිටි බව පරීක්‍ෂණවලදී හෙළි වී ඇත.
පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක නදීක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මූලික පරීක්‍ෂණ පැවැත්වේ.
මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වේ.

.jpg)