අමෙරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ පොලිස් නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට පත්
තරුණියකට හිරිහැර සිදු කරන ආකාරය දැක්වෙන ආන්දෝලනාත්මක ආකාරයේ දර්ශන පෙළක්
ඔස්සේ ලොව පුරා සංසරණය වෙමින් තිබෙනවා.
එම දර්ශන පෙළට අනුව අදාළ නිලධාරීන් පිරිස එක්ව ඇයට වධ හිංසා පමුණුවන අයුරු දැක්වෙනවා. 23 හැවිරිදි ෂාර්දා ග්‍රෙගරි නමැති තරුණිගේ වරලස බලහත් කාරයෙන් කපා දමන්නේ ඇයව බලෙන් පුටුවක හිදුවා එහි බැඳ දැමීමෙන් පසුවයි.
කාන්තා නිලධාරිනියක ගෙතන ලද ඇයගේ වරලස කපා දමයි.
අදාළ තරුණිය ඊට එරෙහි වීමට උත්සාහ කළ ද ඉන් කිසිඳු පලක් සිදුවන්නේ නැහැ. ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ නවාතැන්පොළේ කාමරයකට හානි කිරීම සහ පොලිස් නිල රථයකට හානි කිරීම යන චෝදනා දෙක මතයි.
කෙසේ වෙතත් පොලීසිය පසු ව ඇයට එරෙහි චෝදනා ඉවත් කර ගෙන තිබෙනවා.