ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

වයස අවුරුදු 15 ක් වන පාසල් සිසුවියක්ව මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් මාස 1 ½ ක පමණ කාලයක් ඇය සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන 19 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

පැහැර ගැනීමට ලක්ව ඇත්තේ මාදම්පේ - මුගුණුවටවන පදිංචිව සිටි පාසල් සිසුවියකි.

ඇය මීගමුව ප්‍රදේශයේ පාසලක 10 වන වසර පන්තියේ ඉගෙණුම ලබමින් සිටි අතර පසුගිය පාසල් නිවාඩු කාලයේ දැරිවිය නිවසට පැමිණ සිට ඇත.

තම දියණිය තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බව එම අවස්ථාවේදී ඇයගේ පියාට දැන ගන්නට ලැබී ඇති අතර පියා තම දියණියගෙන් මේ බව විමසා ඇයට දඬුවම් කිරීමට උත්සහ කර තිබේ.

ඉන් පසුව දුරකථන ඇමතුමක් ලබා දී තම පෙම්වතාව මාදම්පේ - සුදුවැල්ල ප්‍රදේශයට ගෙන්වා ගෙන ඇති දැරිය ත්‍රී රෝද රථයකින් ඔහු සමග පලා ගොස් ඇත.
තම දියණිය අතුරුදහන්වී ඇති බවට ඇයගේ මව්පියන් විසින් මාදම්පේ පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබී ඇත.

මේ අතර තම දියණිය උඩුබද්දාව ප්‍රදේශයේ නිවසක සිටින බව දැන ගෙන ඇති ඇයගේ මව්පියන් ඒ බව පොලීසියට දැන්වීමෙන් පසුව දැරිය සහ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව  පවසයි.

තම පෙම්වතා සමග පලා ගිය දිනයේ සිට පොලිස් අත්අඩංගුවට පත්වන දිනය වන තුරු ඔහු තමන් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව දැරිය පොලීසිය හමුවේ පවසා ඇත.

ඒ අනුව බාල වයස්කාර දැරියක අපහරණය කිරීම, මාදම්පේ පොලිස් වසමේදී ඇයව දුෂණය කිරීම, දුම්මලසුරිය පොලිස් වසමේදීද සිදුවී ඇති බව පොලීසිය කියයි.

මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ කරගෙන යයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්