ඉබ්බාගමුව, මුදුන්දූව හමීදියා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පතිවරයා විසින්
කළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලැබූ බව කියන සිසුවකු පසුගිය 14 වැනිදා
කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබීය.
මෙලෙස රෝහල්ගත කරනු ලැබුවේ මුදුන්දූව හමීදියා මුස්ලිම් විද්‍යාලයේ 10 වැනි වසරෙහි ඉගෙනුම ලබන එම්. එම්. එම්. මුන්ශිෆ් නමැති 15 හැවිරිදි සිසුවෙකි.
අදාළ විදුහලේ විදුහල්පතිවරයා විසින් පසුගිය 13 වැනිදා පාසල තුළදී කළ පහරදීමක් හේතුවෙන් මුහුණට, නාසයට සහ මුඛයට සිදුව ඇති තුවාල සහිතව කුරුණෑගල ශික්‍ෂණ රෝහලෙහි හදිසි අනතුරු ඒකකයෙහි ප්‍රතිකාර ලබමින් පසුවන එම්. එම්. එම්. මුන්ශිෆ් සිසුවා සිද්ධිය පිළිබඳ 'මව්බිම'ට මෙලෙස විස්තර කළේය.
"13දා ඉස්කෝලේ අන්තිම පීරියඩ් එකේ අපේ පන්තියේ ඉගැන්නුවේ විද්‍යාව. එහෙම ඉද්දී තමයි අපි දැක්කේ පරෙවියෝ වගයක් අපේ පන්තිවලට ඉහළින් එහාට මෙහාට පියාඹනවා. ඒක දැක්ක පන්තිවල හිටපු ළමයිනුයි, ගුරුවරුයි ඔක්කොම එළියට බැහැලා පරෙවියෝ පියාඹනවා බැලුවා. එතකොට අපේ ඉස්කෝලේ ප්‍රින්සිපල් එතැනට ඇවිල්ලා පරෙවියෝ දිහා බලා හිටපු ළමයි දිහා බලලා ආපහු යනවාත් අපි දැක්කා.
ටික වෙලාවකට පස්සේ උඩ බලාගෙන පරෙවියෝ දිහා බලාගෙන හිටපු මගේ මූණට ලීයකින් වගේ දේකින් හයියෙන් පාරවල් දෙක තුනක් වැදෙනවා දැනුණා. ඒ පාරවල් වැදිලා ටික වේලාවක් යනකම් මගේ මුළු ඇඟම හිරිවැටිලා, මට කිසිම දෙයක් දැනෙන්නේ, තේරෙන්නේ නැතුව හිටියා. පස්සේ බලනකොට අපේ ප්‍රින්සිපල් කෙවිටක් අරන් ඇවිත් පරෙවියෝ බලපු ළමයින්ට ඒ කෙවිටෙන් දිගට හරහට ගහනවා. මම සර්ගේ කෙවිටි පාරවල් කාගෙනම පන්තියට දිව්වා. අනෙක් ළමයිනුත් පන්තිවලට දිව්වා. ඒ වෙනකොටත් මගේ මූණ හිරිවැටිල. යාළුවෙක් මට කිව්වා ඔයාගේ මුණෙන් ලේ ගලනවා කියලා. පස්සේ මම ටැප් එක ළඟට ගිහින් මූණ හේදුවා.
ඒක දැකපු අපේ ඉස්කෝලේ වීරකෝන් මිස් මාව ඔෆිස් එකට එක්ක ගියා. පස්සේ තවත් සර් කෙනකුට පෙන්නලා මූණෙන් ලේ එනවා පෙන්නලා මට අමාරුයි කියලා මිස් කිව්වා. පස්සේ ඒ සර් මාව බයික් එකේ තියාගෙන ඉබ්බාගමුවට අරන් ගිහිල්ලා ප්‍රයිවට් තැනකින් බෙහෙත් අරන් දීලා මාව ආපහු ඉස්කෝලෙට එක්ක ආවා. ඉස්කෝලේ ඇරිලා මම ගෙදර ගියාම මූණ ඉදිමෙන්න පටන් ගත්තා. පස්සේ තාත්තා රෑ වැඩ ඇරිලා ඇවිත් මගේ මූණ දැකලා ඇයි කියලා ඇහැව්වාම මම විස්තරේ කිව්වා. තාත්තා ඒක අහලා පහුවදා මාව කුරුණෑගල මහ ඉස්පිරිතාලෙට ගෙනැත් නැවැත්තුවා" යැයි පැවැසීය.
පහරකෑමට ලක්වී සිටින සිසුවාගේ පියා වන එම්. එන්. එන්. මුලාෆර් මහතා සිද්ධිය පිළිබඳ මෙසේ කීය.
"ප්‍රින්සිපල් මගේ පුතාට අමානුෂික විදියට පහරදීලා තියෙනවා. ඒක දැකපු ගුරුවරු සහ ළමයි ඕනෑ තරම් ඉන්නවා. අද වෙනකොට මගේ පුතා වැටිලා තුවාල වුණා, ගේට්ටුවේ වැදිලා තුවාල වුණා කියලා බොරු හදලා ප්‍රචාරය කරනවා. ප්‍රින්සිපල්ට තියෙන දේශපාලන හිතවත්කම් මත මේ සිද්ධිය යට ගහන්න උත්සාහ කරනවා. මගේ පුතා වෙනුවෙන් මම ඉල්ලා සිටින්නේ මේ ගැන අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් කරලා තවත් දරුවකුට මේ වගේ දෙයක් වෙන එක වළක්වන්න කියලයි."
මුදුන්දූව හමීදියා මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති එම්. ඉමිටියාස් මහතාගෙන් මේ පිළිබඳ විමසීම සඳහා පෙරේදා (15දා) පස්වරු 01.52ට පමණ ඔහුගේ ජංගම දුරකතනයට ඇමතීමේදී තමන් රැස්වීමක සිටින බැවින් පැයකට පසුව අමතන ලෙස හෙතෙම පැවැසීය. ඉන් පැයකට පසුවත්, ඊයේ සහ පෙරේදා දිනවල අවස්ථා ගණනාවකදීත් ඒ මහතාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තද දුරකතනය ක්‍රියාවිරහිත කර තිබිණි.