ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළෙන් තන්තිරිමලය දක්වා ගමන් ආරම්භ කිරීමට නවතා තිබූ බස් රථයකට නැඟගත් බීමත් මගියකු පෙරේදා සවස 6.20ට රථය ඇතුළට පෙට්රල් දමා සිදුකළ ගිනි තැබීමකින් එම බස් රථය සම්පූර්ණයෙන් ගිනිගෙන දැවී විනාශයට පත්විය.

අනුරාධපුර පිහිටි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ආසන 42කින් යුක්ත වූ රුපියල් ලක්‍ෂ 45ක් පමණ වටිනා ඩබ්ලිව්.පී. එන්.ඒ. 1136 දරන මෙම බස් රථය පැරැණි බස් නැවතුම්පොළෙන් ඔයාමඩුව හන්දිය හරහා තන්තිරිමලය දක්වා ධාවනය කිරීමට නියමිතව තිබිණි.

බස් රථයේ ගින්න මැඬ පැවැත්වීමට අනුරාධපුර මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් ගත් උත්සාහය මුළුමනින්ම ව්‍යාර්ථ විය.

සැකකරු බස් රථයට පෙට්රල් දමා ගිනි තබා පලා යෑමට උත්සාහ කළත් බස් රථයේ රියැදුරා ඇතුළු බස් නැවතුම්පොළේ සිටි මගීහු එක්වී ඔහු අල්ලාගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දුන්හ.

ගිනි තැබීමට පෙර බස් රථයේ මගීන් සිවුදෙනකු පමණ සිට ඇති අතර සැකකාර පුද්ගලයා අධික ලෙස බීමතින් බස් රථයට ගොඩවී තිබේ. බස් රථයෙන් තන්තිරිමලයට ගමන් ගැනීම සඳහා වෙළෙඳසලක් හිමි තරුණියක්ද එහි අසුන්ගෙන සිට ඇති අතර ඇය අපහසුතාවට පත්වන අයුරින් සැකකරු හැසිරීම නිසා බස් රථයේ සිටි තවත් පුද්ගලයකු ඇයට කරදර නොකොට බස් රථයේ පිටුපසට යන ලෙසට සැකකරුට දන්වා තිබේ.

ඒ අවස්ථාවේ සැකකරුට කේන්ති ගොස් බස් රථයේ සිටි තරුණිය ළඟ තිබූ පෙට්රල් බූලිය උදුරාගෙන බසයට වත්තොට බස් රථයෙන් බැස ගිනි කූරක් දල්වා රියැදුරු අසුනට ආසන්නයේ පිහිටි ජනේලයකින් බස් රථය තුළට විසිකොට තිබේ. ක්‍ෂණිකව බස් රථය ඇතුළතින් ගින්නක් හටගෙන ඇති අතර සැකකරු පලා යෑමට උත්සාහ කරද්දී බස් රථයේ රියැදුරා වූ දයා නිරංජන් මහතා වැසිකිළියට ගොස් නැවත පැමිණෙද්දී බස් රථය ගිනිගෙන ඇති අයුරු දැක වහාම මෙම පුද්ගලයාව අල්ලාගෙන තිබේ.

සිද්ධිය දුටු පුද්ගලයන් මොහු බස් රථයට ගිනි තැබූ බව රියැදුරාට පවසා තිබේ. බස් නැවතුමේ සිටි බොහෝ පිරිසක් සැකකරුට පහරදී ඔහුව අල්ලාගෙන සිද්ධිය සම්බන්ධයෙන් මූලස්ථාන පොලිසියට දන්වා තිබේ. ඒ අනුව එහි පැමිණි අනුරාධපුර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශයේ කොස්තාපල් බණ්ඩාර (48290) සහ රත්නායක මහතා (48309) සැකකරු අත්අඩංගුවට ගෙන අනුරාධපුර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරදීමට කටයුතු කළහ.


ආසන 42කින් යුතු මෙම බස් රථය අනුරාධපුර ලංගම ඩිපෝවට හිමිව තිබූ සුපිරි ධාවන තත්ත්වයෙන් යුතු බස් රථයක් බවද ඩිපෝ ආරංචි මාර්ග සඳහන් කරයි. අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම බස් රථයේ නිරතුරුව ගමන් කරන පුද්ගලයකු බවත් ඔහු නිරාවිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය අනාවරණය කරගෙන තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්