රත්නපුර දිස්ත්‍රික්කයේ නගර බද විදුහලක සේවය කළ අමරදාස විද්‍යා උගන්වන
දක්ෂ ගුරුවරයෙකි. කැමරාකරණයද හොඳින් පළපුරුදු අයකු නිසා සැමදෙන ඔහුට ගරු
කළේය.
යුගදිවියට පත් අමරදාසත් සුසිලාත් විද්‍යාලය ගුරු නිවාසයක පදිංචිව සිටින කුරුලු ජෝඩුවක් මෙන් ඉතා පෙමින් විසුවාය. කාලය ඇවෑමෙන් මෙම පවුලට නවකයකු ඇතුළුවන පෙරලකුණු පහළවිය.
සුසිලා මව් පදවියට පත් කිරීමට සමත් වූ අමරදාස කෙරෙහි දැඩි ඇල්මෙන් කාලය ගෙවන සමයේ අමරදාසගේ සරසවි මිතුරියක වූ කලා උපාධි පත්වීමක් ලැබ මෙම විද්‍යාලයට පැමිණියේය.
අමරදාසත් කමලාවතීත් අතර තිබූ සරසවි මිතුරුකම ක්‍රමයෙන් ප්‍රේම සම්බන්ධය කරා ගමන් කළේය. දෙදෙනාටම නොදැනිය. දැඩි පෙමින් වෙළී කමලාවතීට ප්‍රේමයෙහි ආස්වාදය ශාරීරිකව විඳ ගැනීමට අවස්ථාවක් උදාවන තුරු මනඃකල්පිතව රාගික ආස්වාද විඳිමින් මනෝලෝකයේ ජීවත් විය.
සුසිලාට දරුවකු ලැබිමේ අවස්ථාව ඉතා ළං වූ බැවින් අම්මා සමග ඇගේ ගමට ගියාය. විටින් විට තම බිරිඳගේ සුවදුක් බැලීමට අමරදාස ගියේය.
කමලාද සුසිලා නොමැති බැවින් අමරදාස සමග ඉතා සමීපව ඇසුරුකර විනෝදකාමීව විසීමට තරම් සමීප විය. දැන් මේ දෙදෙනා අඹුසැමි ලෙස හැසිරීමට තරම් ආශාවෙන් පසුවන්නේය.
කමලාගේ සරසවි ජීවිතය ප්‍රේම සම්බන්ධ ගණනාවක අත්දැකීම් ඇති තැනැත්තියකි. නමුත් කිසිවකු සමග විවාහ පොරොන්දුවක් නොවීය.
අමරදාසත් කමලාත් අතර ලිංගික සම්බන්ධ එක් තරා දිනක විද්‍යාලයේ ගුරු නිවාස තුළදී සිදුවිය. අමරදාස මේ සෑම අවස්ථාවක්ම තම ජංගම දුරකථනයේ වීඩියෝ කරගත්තේ කමලාට නොදන්වාය.
සුසිලා තම කුළුඳුල් දරුවා සමග අමරදාස පදිංචි ගුරුනිවාසයට පැමිණියාය. තමාට විවේක ඇති හැම අවස්ථාවකම අමරදාසගේ ශ්‍රාස්ත්‍රිය පොත්පත් රැගෙන කියවීම පුරුද්දක් කරගත්තාය.
දිනක පොත්පත් අතර තිබූ සී.ඩී. තැටියක් සුසිලා අතට හසුවිය. වෙනදා නොතිබුණු එසේම ඉතා සුරක්ෂිතව තිබූ මෙය රැගෙන තම පරිගණකයට දමා බැලුවාය.
එහිවූ රූප රාමුව දුටු සුසිලා දැඩි සංවේගයකට පත්ව ඉන් පිටපත් කිහිපයක් මුද්‍රණය කර ගත්තාය. පළමු තැටිය තබා තමා පිටපත් කරගත් රූප රාමු තමාගේ ඉතා සමීප මිතුරියකට නැරඹීමට සුසිලා ඉඩ සලසා දුන්නාය. ඇගේද උපදෙස් අනුව පැමිණි සුසිලා අමරදාසගෙන් වෙන්වීමේ දැඩි අධිෂ්ඨානයකට පැමිණ තමා අත තිබූ සීඩී තැටිය කිහිපදෙනකු අතරේ බෙදා හැරියේය.
සුසිලාගේ දෙමාපියන්ද මේ පිළිබඳව දැනුවත් කළ කමලාට විවාහ යෝජනාවක් ගෙනවිත් තිබූ බැවින් අමරදාස සමග තිබූ අනියම් සම්බන්ධය නතර කිරීමට උත්සාහ කළ නමුත් අමරදාස වීඩියෝ කළ රූප රාමුව පෙන්වා බියගැන්වීය.
අමරදාසත් කමලාත් අතර අරගලය ඇතිවන විටක සුසිලා විසින් සඟවාගෙන තිබූ වීඩියෝ පටය පිළිබඳ තම සැමියාට හෙළි කළාය. මේ වන විට මේ සිද්ධිය විද්‍යාලය තුළ පමණක් නොව අවට විදුහල්වලත් ජනතාවත් අතර පැතිර ගොස් සබරගමු පළාතේ සභා අධ්‍යාපන අමාත්‍යවරයා අතරට ගියේය.
මේ වන විට සුසිලාගේ දෙමාපියන් මේ නරුම අමනයාගෙන් මුදවා ගැනීම පිණිස අවිස්සාවේල්ල දිසා අධිකරණයේ දික්කසාද නඩුවක් පවරා අවසන්.
අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් කරන ලද පරීක්ෂණයකින් පසු අමරදාසගේ සේවය අත්හිටුවිය.
(මෙය සත්‍ය සිදුවීමකි.)
නම් මනඃකල්පිතය.
කො.ආ. ගුණසේකර - ඇහැළියගොඩ