ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

FILE PHOTO
බණ්ඩාරවෙල අඹදණ්ඩේගම උඩුහුල්පත පදිංචි 14 හැවිරිදි දැරියක් සිය නිවෙස තුළ දරුවකු ප්‍රසූත කොට තිබේ. පසුගිය 01 වැනිදා රාත්‍රියේ බිලිඳකු ප්‍රසූත කළ දැරියගේ තත්ත්වය බරපතළ වීම නිසා ප්‍රදේශවාසීන් එක්ව දැරිය හා ඇය ප්‍රසූත කළ බිලිදා සමඟ බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දියතලාව මූලික රෝහලට ඇතුළත් කොට තිබේ. මව සහ බිලිදා සුවසේ පසුවන බව වෛද්‍ය අධිකාරි වෛද්‍ය රංජිත් අමරකෝන් මහතා පැවැසීය.

දැරියගේ මවුපියන් කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරත වී ඇති අතර දැරිය සිය සොයුරියගේ නිවෙසෙහි නතර වී සිට ඇත. සොයුරියගේ සැමියා විසින් දිගු කාලයක් තිස්සේ මෙම දැරිය ලිංගික අපයෝජනයට ලක් කිරීම නිසා ගැබ්ගෙන මෙසේ බිලිඳකු ප්‍රසූත කර ඇතැයි පොලිස් මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. තවද සැකකරු සිය බිරියට හා අතවරයට ලක්වූ දැරියට තර්ජනය කර මෙම සිද්ධිය සඟවාගෙන සිට ඇත.
දැරියගේ පියා අපරාධයක් සම්බන්ධයෙන් සිරගතව සිටින බවත් මව කොළඹ නිවෙසක සේවය කරන බවත් දැරියගේ වැඩිමහල් සොයුරියගේ සැමියා මෙම සිද්ධියට වගකිව යුතු බව ඇගේ ප්‍රකාශයෙන් අනාවරණය වී ඇති බවය.
සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි වාර්තා වේ.

උෟව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු, බණ්ඩාරවෙල පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන හා සහකාර පොලිස් අධිකාරි ධම්මික වීරසේකර යන මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරවෙල පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ජේ. කරුණාසේන මහතාගේ මෙහෙයවීමෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්