හෙරොයින්
ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය
පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී.මුණසිංහ නැමැත්තාගේ
දෑතට මංචු නොදමා උසාවිය වෙත රැගෙන ඒම සම්පූර්ණයෙන්ම නීති විරෝධි ක්‍රියාවක්
යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා
පවසයි.
මෙම
සැකකරු දෑතට මංචු නොමැතිව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒ.එම්.සහබ්දීන් මහතා
වෙත රැගෙන ආ ආකාරය දැක්වෙන ඡායාරූප බ්‍රහස්පතින්දා (02) දිවයිනේ බොහෝ
මුද්‍රිත හා විද්‍යුත් ජනමාධ්‍යයන් හී පළ වී තිබිණ.
සැකකාර
පොලිස් ස්ථානාධිපතිවරයා සමග රැගෙන එන එම සිද්ධියට අදාළ තවත් සැකකරුවකුගේ
දෑතට මංචු දමා තිබීම එම ඡායාරූපවල පැහැදිලිව සටහන් වී තිබේ. එකම සිද්ධියේ
එක් සැකකරුවකුට මංචු දමා සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයාට මංචු නො දමා උසාවි
රැගෙන පැමිණිය හැකි දැයි කළ විමසීමේ දී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා
වැඩිදුරටත් මෙසේ පැවසුවේය.
“මුළු
ලෝකයේම සැකකරුවන්ට මාංචු දමනවා. පොලිස් නිලධාරියකුට පිස්තෝලයක් සමග මංචු
කුට්ටමක් ලබා දෙනවා. මංචු නොදමා සිටියොත් සැකකරුට පැන යන්න පහසුයි. එසේ පැන
ගිහින් සියදිවි නසා ගන්නට පුළුවනි. එවිට පොලිසියට විශාල අපවාදයක් එල්ල
වෙනවා. මේ නිසා සියලුම සැකකරුවන්ට මංචු දැමීම අනිවාර්යයි. වැල්ම්පිටිය
පොලිසියේ ස්ථානාධිපතිවරයාට එරෙහිව ඇත්තේ දරුණු චෝදනාවක්. ඒ මත්කුඩු
චෝදනාවයි. මෙම සැකකරුවාට මංචු නොදමා උසාවිය වෙත රැගෙන ඒම සම්පූර්ණයෙන් නීති
විරෝධී ක්‍රියාවක්” පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත්
රෝහණ මහතා පැවසුවේය.
