මා යාපනයේ දී අත්අඩංගුවට පත් වූ ප්‍රවෘත්තිය බොරුවක් - මන්ත්‍රීවරිය කියයි
යාපනයේ පෞද්ගලික චාරිකාවක යෙදී සිටි කැෙන්ඩියානු ඩිමොක්‍රටික් පක්ෂයේ මන්ත්‍රීනි රාධිකා සිට්සබේසන් අසත්‍ය ප්‍රවෘත්ති ඔස්සේ කැනඩා ආණ්ඩුව අපහසුතාවට පත්කරන ආකාරයේ ආන්දෝලනයක් කැර ඇති අතර ඇයට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට ඉඩ ඇතැයි කැනඩා ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් නව ඩිමොක්‍රටික් පක්ෂයේ නායක තොමස් මුල්කායිර්, ඔටාවාහි සිටින ශ්‍රී ලංකා මහා කොමසාරිස් චිත්‍රාංගනී වාගීස්වරට දුරකතනෙයන් කතා කැර සිට්සබේසන් මන්ත්‍රීවරියගේ ආරක්ෂාව සහ සුරක්ෂිතතාව සම්බන්ධයෙන් විමසා ඇතැයිද පැවසේ.
මේ අතර මෙරට පොලිසිය හෝ වෙනත් ආරක්ෂක අංශයක් තමා නිවාස අඩස්සියේ තබාගෙන සිටින බවට වෙබ් අඩවි සහ ඇතැම් මාධ්‍ය වාර්තා ලොවපුරා ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යයක් බවත් එම වාර්තා තමා සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන බවත් මෙරට සංචාරයකට පැමිණ සිටින කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රීනි රාධිකා සිට්සබේසන් මෙනෙවිය ප්‍රකාශ කරයි.
ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ නිලධාරීන් සමඟ මන්ත්‍රීවරිය මෙසේ ප්‍රකාශ කැර ඇත්තේ පෙරේදා (02) මුලතිව් ප්‍රදේශයේදීය.
අනතුරුව ඇය ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා සමඟද මුලතිව් සිට බුද්ධි නිලධාරීන් ඉදිරියේ දුරකතනයෙන් ද සම්බන්ධවී තමා සංචාරයක් සඳහා පැමිණි බවත් ආගමන විගමන නීති උල්ලංඝනය වන පරිදි කටයුතු නොකරන බවත් ප්‍රකාශ කැර තිබේ.
කැනේඩියානු මන්ත්‍රීවරිය මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 28 වැනිදාය. ඒ සංචාරක වීසා මඟිනි. “මා මේ රටට පැමිණියේ සංචාරයක් සඳහා පමණයි. මා උතුරේ සංචාරයක යෙදුණා. ඒ අතර බොහෝ වෙබ් අඩෙවි සහ මාධ්‍යවල විවිධ අසත්‍ය තොරතුරු පලකෙරුණා. ඒවා මා ප්‍රතික්ෂේප කරනවා. මා සිර අඩස්සියට ගැනීමට නොව කිසිදු ආරක්ෂක නිලධාරියෙක් මා සමඟ කතා කිරීමටවත් මුණගැසුණේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පවසා තිබේ. තවද ද්‍රවිඩ දේශපාලනඥයකු වන ශ්‍රීධරන් මහතා ඇය හමුවී ඇති අතර තමා ඔහුව මුණගැසුනේ ඔහු මාමා නිසා බවද රාධිකා මන්ත්‍රීවරිය පවසා තිබේ.
යාපනයේ ‘මිල්කෝ’ හෝටලයේ ඇය නැවතී සිටියදී විවිධ අය ඇය මුණගැසීමට පැමිණ තිබේ. ඇය ආගමන විගමන බුද්ධි නිලධාරීන්ට පවසා ඇත්තේ තමා උතුරේ සංචාරයකට පැමිණීමෙන් නිවාස අඩස්සියට පත්වූයේ යැයි පළවූ ප්‍රවෘත්ති දැක ඇතැම් පුද්ගලයන් ඇය මුණගැසීමට පැමිණි බවයි.
මෙම මන්ත්‍රීවරිය සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රවෘත්ති පළවීම නිසා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශ නිලධාරීන් කිහිපදෙනකු ඒ පිළිබඳ සෙවීමට උතුරට යවා තිබුණේ ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාය.
මන්ත්‍රීවරිය උතුරේ සංචාරයට පැමිණ තිබුණේ තවත් ඉන්දියන් ජාතික තරුණයකු සමඟය. ඔවුන් උතුරේ විවිධ ස්ථාන නැරඹීමටත්, කෝවිල් වැඳුම් පිදුම් කිරීමටත් ගොස් තිබේ. බොහෝ ස්ථාන නිදහසේ වීඩියෝ ගතකර ඇත.
මෙරටට පැමිණි පසු ආගමන විගමන නීති උල්ලංඝනය නොවන පරිදි කටයුතු කරන ලෙස මන්ත්‍රීවරියට කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් උපදෙස් ලැබුණු බවත් ඇය ආගමන විගමන බුද්ධි නිලධාරීන් හමුවේ පවසා ඇත.
තවද ඇය සම්බන්ධව විවිධ අසත්‍ය ප්‍රවෘත්ති විවිධ මාධ්‍යවල පළවන නිසා ඇය පුද්ගලයන් කිහිපදෙනකු හමුවී පැවැත්වීමට සූදානම් කැර තිබූ රැස්වීමක් ද අවලංගු කැර තිබිණි. පසුව පෙරේදා ඇය කොළඹ බලා ආපසු පැමිණි අතර ඊයේ පස්වරුවේ ඇය සංචාරය අවසන් කැර මෙරටින් පිටව යාමට සූදානම්ව සිටියාය. මේ අතර යාපන සංචාරය අතරවාරයේ දී ඇය ටී.එන්.ඒ. පක්ෂයේ නියෝජිතයන් කිහිප දෙනෙකු හමුවී ඇත. ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ සිට්සබේසන් මන්ත්‍රීවරියගේ සිද්ධිය කොන්සර්වටිව් පක්ෂයේ විදේශ කටයුතු ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු ලේකම් මන්ත්‍රී දීපක් ඔබ්රයි යාපනේ තත්ත්වය සම්බන්ධයෙන් කළ ප්‍රබල ප්‍රකාශයේ පසුබිම ඇසුරින් පරීක්ෂාවට භාජනය කළ යුතු බවයි.