අලවිය සඳහා ගංජා රැගෙන ආ යුද හමුදා සෙබලෙකු සහ ඔහුගේ ගංජා අලෙවි කළ පුද්ගලයෙකු තලාව පොලීසිය මගින් 05 වනදා සවස අත්අඩංගුවට ගෙන ඇත. තලාව
අන්දරවැව ප්‍රදේශයේදී ගංජා පැකට් 02 ක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු තලාව
පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී
අදාළ යුද හමුදා සෙබලා විසින් මෙම ගංජා ඔහුට අලෙවි කිරීම සඳහා ලබා දුන්
බව පවසා ඇත. ඒ අනුව පොලිස් නිලධාරීන් අන්දරවැව කරගහවැව ප්‍රදේශයේ පදිංචි
යුද හමුදා සෙබළාගේ නිවසට ගොස් නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර එහිදී
සෙබළාගේ ගමන් මල්‍ලේ සඟවා තිබු ගංජා ග්‍රෑම් 400 ක ප්‍රමාණයක් පොලීසියට
සොයා ගැනීමට හැකි වී ඇත.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අලෙවි කිරීම සඳහා තණමල්විල ප්‍රදේශයෙන් ගංජා ලබා ගත් බවත් ලැබෙන වැටුපෙන් ණය පියවූ පසු ජීවත් වීමට නොහැකි නිසා මෙම නීති විරෝධි ක්‍රියාව සිදුකිරීම සඳහා තමන් පෙළඹුණු බවද ඔහු පවසා ඇත.
සැකකරු විවාහකයෙකු වන අතර ඔහුට දරුවන් දෙදෙනෙකු සිටින බවද පොලීසිය සඳහන් කරයි. මොහු ගංජා අලෙවි කිරීම මීට පෙර සිදු කර නැති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.
සැකකරු වසර 07ක පමණ කාලයක් යුද හමුදා සේවයේ යෙදෙන බවත් ඔහු දියතලාව යුද හමුදා පුහුණු පාසලට අනුයුක්තව 12 වන ගැමුණු හේවා බලඇණියේ සේවය කරන බවද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාර යුද හමුදා සෙබළා ඊයේ (06) වන දා තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
තලාව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.