අනියම්
සැමියා සමග එක්වී නීත්‍යානුකූල විවාහක සැමියාව හෙරොයින් ජාවාරමකට හසු
කිරීමට උත්සහ කිරීමට ගොස් හෙරොයින් සමග අත්අඩංගුවට පත් වූ විවාහක
කාන්තාවක් සහ ඇගේ අනියම් පුරුෂයාට හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාවට අධිකරණය
හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව
රුපියල් 25,000 ක දඩ මුදලක් ගෙවන ලෙස අනුරාධපුර වැඩ බලන මහේස්ත්‍රාත්
ස්වර්ණමාලී අනුරාධනායක මහත්මිය නියෝග කළාය.
වරද පිළිගත් කාන්තාවට මුදලින් රුපියල් 15,000 කුත් ඇගේ අනියම් පුරුෂයාට රුපියල් 10,000ක දඩ මුදලකුත් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
වරද පිළිගත් කාන්තාවට මුදලින් රුපියල් 15,000 කුත් ඇගේ අනියම් පුරුෂයාට රුපියල් 10,000ක දඩ මුදලකුත් මහේස්ත්‍රාත්වරිය නියම කළාය.
අනුරාධපුර
මූලස්ථාන පොලීසියේ දූෂණ මර්දන අංශය සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු
දක්වමින් කියා සිටියේ (29) දහවල් අනුරාධපුර ගල්‍පොත්තේගම පදිංචි සැකකාර
කාන්තාවගේ සැමියා හෙරොයින් ළඟ තබාගෙන සිටින බවට ඇගේ අනියම් පුරුෂයා විසින්
පොලීසියට නිර්නාමික ඇමතුමක් ලබා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ
පැවැත්වීම සඳහා උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ විශේෂ
විමර්ශන ඒකකයේ නිලධාරීන් එහි ගිය බවයි.
විමර්ශන
ඒකකයේ ස්ථානාධිපතිවරයා එහි යන තුරුත් සැකකාරියට සැමියාගේ යතුරුපැදියේ
හෙරොයින් සැඟවීමට නොහැකි වීම නිසා ඇය සන්තකයේ තිබි හෙරොයින් මිලිග්‍රෑම්
04ක් අත්අඩංගුවට ගෙන තිබිණ.දඬුවම් නියම කිරීමෙන් අනතුරුව තරයේ විත්තිකාරියට අවවාද කළ මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ මෙවැනි පහත් ක්‍රියාවක නිරත වී සැමියා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උත්සහ කිරීම කනගාටුවට කරුණක් බවත් පාසල් වයසේ පසුවන දරුවා ගැන සිතා කටයුතු කරන ලෙසයි. මෙසේ දඩ නියම වූයේ ගල්‍පොත්තේගම ගල්කඩවල ලිපිනයේ පදිංචි සවනදාසගේ නිශාන්ති කලුවිල (28) හා 08 කණුව සාලියපුර ලිපිනයේ පදිංචි සිරිවර්ධන කසීබ්‍රාහ්මණ රාලලාගේ ප්‍රසන්නජිත් කුමාර යන දෙදෙනාටයි.
උතුරු
මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතාගේ උපදෙස් මත විශේෂ
විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිති පො.ප. එස්. ඩබ්. බණ්ඩාර, පොලිස් පරීක්ෂක
සමන් කුමාර උලුවත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත අනුරාධපුර දූෂණ මර්දන අංශයේ
පොලිස් කොස්තාපල් 47687 සරත් මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින්
කරුණු කියා සිටියේය.
