ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රනිල් වික්‍රමසිංහ එජාපයේ නායකත්වයේ ඉන්නතාක්‌ කල් එජාපයට ආණ්‌ඩුවක්‌ පිහිටුවන්න බෑ. එජාපය වෙනුවෙන් මා රුධිරය පවා පූජා කළා. නමුත් මට එජාපයෙන් විශාල අසාධාරණකම් වුණා. ඒ නිසා මා එජාපයෙන් ඉවත් වී ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයේදී ගාල්ල දිස්‌ත්‍රික්‌කය නියෝජනය කරමින් සන්ධානයෙන් තරග වදින බැව් දකුණු පළාත් සභාවේ එජාප මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පැවසීය.

අක්‌මීමන බටදූවේ පිහිටි ඒ මහතාගේ නිවසේ පැවති මාධ්‍ය හමුවේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. තවදුරටත් අදහස්‌ දක්‌වමින් හෙතෙම මෙසේද කීවේය.

රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ පක්‍ෂය කෑලි කෑලි වලට කැඩීගිහින් පක්‍ෂය සී සී කඩ විසිරිලා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ටික රැක ගන්නට අද එජාප නායකත්වයට බැරිවෙලා තියෙනවා. අද සමහරු එජාපයට පැමිණ එජාපය විනාශ කරනවා.

එදා බුද්ධික පතිරණට දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායකකම දෙනවිට මට විපක්‍ෂයේ සංවිධායකකම පවා දුන්නේ නැහැ. මම මේවා තදකරගෙන පක්‍ෂය වෙනුවෙන් පෙනී සිටියා. බුද්ධික පතිරණ පාර්ලිමේන්තු ගියාට පසුත් මට විපක්‍ෂ නායකකම දුන්නේ නැහැ.

මම මනාප 53000 කට ආසන්න සංඛ්‍යාවක්‌ ගත්තා. නමුත් රනිල් වික්‍රමසිංහ නායකතුමා දකුණු පළාත් සභාවේ විපක්‍ෂ නායකකම දුන්නේ මනාප 16000 ගත්ත සිරි විජේවික්‍රම මහත්තයාට. මම මනාප 53000 ක්‌ ගත්තත් තරග කරන්න ආසනයක්‌ දුන්නේ නැහැ.

ඉදිරි දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාපය අන්ත පරාජයක්‌ ලබනවා.

අද ජනාධිපතිතුමා තමයි එජාපය ආරක්‍ෂා කරන්නේ. විපක්‍ෂය ආරක්‌ෂා කරන්නේ ජනාධිපතිතුමා. මා මේ මස 03 වැනිදා ඒ ශ්‍රී.ල.නි. පක්‍ෂයට එකතු වෙනවා. ඉදිරි පළාත් සභා මැතිවරණයේදී අක්‌මීමන ආසනය නියෝජනය කරමින් සන්ධානයෙන් තරග කරන බවද ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.

පෙර පුවත- සන්ධානයට ඇවිත් අනර්කලිත් එක්ක චන්දෙ ඉල්ලන්න එන්නැයි 'රත්තරං' ට අරාධනා
කවුරු මොනවා කිව්වත් ඊළඟ මහඇමති මමයි,පැණි හැලියටනෙ කූඹි වහන්නෙ,-ගීතා

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්