ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 
කොළඹ නගරයේ සුපිරිම හෝටලයක පෙරේදා (31 වැනිදා) රාත්‍රි පැවැති "31 නයිට්‌" සාදය අතරතුර එහි ඉදිකර තිබූ වේදිකාව කඩා වැටීමෙන් සාදයට එක්‌ව විනෝද වෙමින් සිටි තරුණ තරුණියන් විසි දෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

එක්‌තරා සංවිධානයක්‌ මගින් පැවැත්වූ මෙම සාදය සඳහා තරුණ තරුණියෝ විශාල පිරිසක්‌ පැමිණ සිටියහ.

එහි එක්‌ ටිකට්‌ පතක්‌ රුපියල් දසදහසක මිලකට අලෙවිකර තිබූ අතර තරුණ තරුණියන්ට විනෝදවීම සඳහා ප්‍රසංග වේදිකාවක්‌ වූ හෝටලයේ පිහිනුම් තටාකය ආශ්‍රිතව ඉදිකර තිබී ඇත.

පෙරේදා රාත්‍රි 11.50 ට පමණ වසර උදාවීමේ ප්‍රීතිය සමරමින් සිටි තරුණ තරුණියන් පිරිසක්‌ මෙම වේදිකාවට නැඟ විනෝද වීමට පටන්ගෙන තිබේ.

ඒ අවස්‌ථාවේ එක්‌වරම වේදිකාව කඩා වැටී ඇති අතර එහි සිටි තරුණ තරුණියන් බිම වැටී තුවාල ලබා ඇත.

පසුව හෝටලයේ ගිලන් රථ සහ වෙනත් වාහන යොදාගෙන තුවාලකරුවන් පෞද්ගලික රෝහලකට රැගෙන යැමට හෝටල් කාර්ය මණ්‌ඩලය කටයුතු කර තිබේ.

මෙම ප්‍රසංග වේදිකාව ඉතා අනාරක්‍ෂිත ආකාරයට ඉදිකර තිබීම හේතුවෙන් එය හදිසියේ කඩා වැටී ඇති බව පරීක්‍ෂණවලින් හෙළිවී ඇත.

 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්