ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

අභාවප‍්‍රාප්ත හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනවිය අද සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු කොලොන්නාවෙන් ආරම්භ කලාය.
කොළොන්නාවේ පැවති ජන හමුවක් ඇමතූ ඇය විටෙක ඉතාමත් හැගීම් බර විය.
ඇය එහිදී පැවසුවේ තම පියාණන් වෙනුවෙන් ඇරඹු සටන ඉතාම බලවත් ලෙසින් ආරම්භ කල බවයි.
පසුගිය කාලයේ ආණ්ඩුවට බැනවදිමින් සිටි හිරුණිකා එක් වරම ජනාධිපතිවරයාට වඳිමින් ශ්‍රීලනිපයේ මැද කොළඹ සංවිධායක ධූරය ලබාගැනීම කාගේත් විමතියට කරුණක් විය. එය එසේ සිදුවීමට හේතුවූ 'නිධන කතාව' ආණ්ඩුවේ මාධ්‍යවල 'ප්ලාන්ට්' කර ඇත්තේ  පහත පරිදිය.
'' පසුගියදා හිරුණිකා හා ඇගේ මව කන්දේ විහාරය වැඳීමට ගොස් තිබේ. ඔවුන් දෙදෙනා එහි සිටියදී ජනාධිපතිවරයාද ශිරන්ති හ නාමල් සමඟ එහි පැමිණ තිබේ.
ඔවුන් සියළු දෙනා එකට හමුවූ මොහොතේ කන්දේ විහාරාධිපති හිමියෝ ජනාධිපතිවරයා දෙස හැරෙමින් පවසා ඇත්තේ "මේ භාරතගේ දුවත් අද පන්සල් ඇවිත් ඉන්නේ...ඔබතුමා මේ දුවව බලාගන්න ඕනේ" කියාය.
"අපේ හාමුදුරුවනේ මෙයා ඉන්නේ මාත් එක්ක නෙවෙයිනේ. මෙයා මහජන පක්ෂයේ සාමාජිකාවක්නේ" යනුවෙන් ජනාධිපතිවරයා පවසන විට හිරුණිකාගේ මව පවසා ඇත්තේ "මහජන පක්ෂයත්, සන්ධානයත් එක්ක එකටම ඉන්න පක්ෂයක්නේ. ඉතින් මෙයා කොහොමද පිට කෙනෙක් වෙන්නේ..මෙයා ඉන්නෙත් ඔබතුමා එක්ක තමයි" යනුවෙනි.
එවිට ජනාධිපතිවරයා සිනාවෙමින් ශිරන්ති දෙස බලා පවසා ඇත්තේ මෙයාගේ හොඳම ෆෑන් ඉන්නේ අපේ ගෙදර කියාය.
"දවසක් කට්ටියක් අපේ ගෙදර ඇවිත් හිරුණිකාට හොඳටම දොස් කිව්වා. එයා අරවා කරනවා, මේවා කරනවා, පක්ෂෙට විරුද්ධව යනවා. ඔය වගේ සෑහෙන දේවල් කියාගන ආවා. එතකොට මගේ නෝනට හොඳටම කේන්ති ගියා. ඒ දරුවට මොනවත් කියන්න එපා. එයා මට මගේ දුවක් වගා කියලා හොඳටම දොස් කිව්වා" යනුවෙන් පවසා,
"මේ දරුවට එදා වගේම ආදරෙයි" යනුවෙන් ජනාධිපතිවරයා විහාරාධිපතිහිමියන් දෙස හැරෙමින් පවසා තිබේ.
අනතුරුව ජනාධිපතිවරයා හිරුණිකාට "මේවා මෙහෙම පාරවල් ගානේ කතාකරන්න බෑ, ඔයා ගෙදර ඇවිත් මාව හම්බවෙන්න" කියා පවසා තිබේ.
පසුව ගෙදර යන ගමන් අතර මඟදීම හිරුණිකා ශිරන්ති ට ඇමතුමක් ගෙන පවසා ඇත්තේ "ඔබතුමියට බොහෝම ස්තූතියි අනේ මම ගැන පවුල ඇතුලේ කතාබහ කරන එකට" කියාය.
"ඔයා ඉතින් මගේ දුව වගේනේ. හෙට උදේ හත, හතහමාරට විතර ජනාධිපතිවරයා එළියට යන්න කලින් අම්මත් එක්ක එන්න. අපි හෙට කතා කරමු" යනුවෙන් ශිරන්ති පවසා තිබේ.
පසුදින මවද සමඟ හිරුණිකා 7.30 වනවිට අරලියගහ මන්දිරයට ගොස් ඇති අතර ජනාධිපතිවරයා ඔවුන් දෙදෙනාටද ආහාරය ගන්නට ආරාධනා කර තිබේ. එවිට හිරුණිකා ජනාධිපතිවරයාට පවසා ඇත්තේ "මට ඔබතුමත් එක්ක තනියම කතා කරන්න ඕනේ" කියාය.
අනතුරුව පුංචි කාලයේ අතේ එල්ලී දුවපැන ඇවිද්දාක් මෙන් ජනාධිපතිවරයාගේ අතේ එල්ලි මඳක් එහායින් වූ පුටුසැටිය වෙත ගොස් තිබේ. ජනාධිපතිවරයා එහි වාඩිවූ විට හිරුණිකා එතැනම බිම දන ගසා වාඩිවී ජනාධිපතිවරයාගේ මුහුණ දෙදෙසම බලාගන "ඉස්සර වගේම මට තාම ආදරේද ?" යනුවෙන් අසා තිබේ.
"මොකද මම ඔයාට ආදරේ නැත්තේ, දුවලා නැති අපේ පවුලේ දුව ඔයානේ" කියා මොහොතක් නිහඬව සිට යලිත් කතා බහ කරන්නට පටන්ගන තිබේ.
"ඒත් පහුගිය කාලේ ඔයා මටයි ආණ්ඩුවටයි හොඳටම දොස් කිව්වනේ. ඒකයි මම ටිකක් සද්ද නැතුව හිටියේ" යැයි ජනාධිපතිවරයා කියද්දී හිරුණිකා පවසා ඇත්තේ "මම මගේ තාත්තට කොච්චර ආදරෙයිද කියලා ඔබතුමා දන්නවනේ, නඩුව තියන හැම දවසකම මම මගේ තාත්තගේ මිනීමරුවෝ දකිනවා. මම කොහොමද ඒක ඉවසන්නේ" කියාය.
ඔවුන් එසේ කතාබහ කරමින් අතරේදී ශිරන්ති, නාමල්, රෝහිත හා යෝෂිතද එතැනට පැමිණ තිබෙන අතර එවිට ජනාධිපතිවරයා පවසා ඇත්තේ "පසුගිය කාලයේ ගොඩාක් අය ඇවිත් ඔයා ගැන මට කේලාම් කිව්වා. අපිට විරුද්ධව එක එක දේවල් කරනවා කියලා කිව්වා. ඒවයින් වැඩක් නෑ, ඉස්සරහට මොනාද කරන්න හිතාගන ඉන්නේ" කියාය.
"ලෝ කොලේජ් එකේ ෆයිනල් එග්සෑම් ටික කරගන යනවා. ඒත් මට තාත්තා වෙනුවෙන් දේශපාලනයට එන්න ඕනේ" කියා හිරුණිකා පවසා තිබේ.
"එහෙනම් ඉතින් ඔහොම වැඩ කරලා හරියන්නේ නෑ. ආසනයක් බාරගන්න" යැයි ජනාධිපතිවරයා කියද්දී හිරුණිකාද ඊට කැමැත්ත පළ කර තිබේ.
මුලින්ම යෝජනා වී ඇත්තේ නැඟෙනහිර කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායයිකාව කරන්නටය. නමුත් එතැන සිටි අයගේ ඒ සඳහා කැමැත්තක් තිබී නොමැත. ඒ නිසා හිරුණිකා මැද කොළඹ සම සංවිධායිකාව කරන්නට ජනාධිපතිවරයා තීරණය කර ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීමට එම මොහොතේම දුරකථනයෙන් නිළධාරීන්ට දැනුම්දී තිබේ.
අනතුරුව නාමල් දෙසට හැරුණු ජනාධිපතිවරයා "ඔයත් දැන් නංගිට උදව් කරන්න ඕනේ. එයා ගැන බලන්න" යැයි පවස හිරුණිකාගේ මව දෙසා හැරෙමින් පවසා ඇත්තේ "එහෙනම් ඔන්න හොඳ වෙලාවක් බලාගන පත්වීම් ලිපිය ගන්න" කියාය.
"මේක ඉවසීමෙන් යන්න ඕනේ ගමනක්. බස්නාහිර ජන්දෙට ගොඩාක් මහනසි වෙන්න ඕනේ. ගෙන් ගෙට යන්න. මම ඔයාට උදව් කරනවා. නාමල් අයියත් උදව් කරයි. මම හොයලා බැලුවා ඔයා මේ කැම්පේන් එක හරියට කළොත් කොළඹින් මුලට එන්න පුළුවන්" යනුවෙන් ජනාධිපතිවරයා හිරුණිකාට පවසා තිබේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්