දකුණු
පළාත කේන්ද්‍රකරගෙන අප‍්‍රිකානු සහ මැදපෙරදිග කළාපයටත් ලංකාව පුරාත්
හෙරොයින් බෙදාහැරීමේ ජාවාරම මෙහෙයැවූ බවට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය
විසින් හදුනාගෙන සිටින ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු විසින්
මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් බවට සැකකරන දැනට සොයාගෙන ඇති රුපියල් කෝටි 300ක දේපොළක් රාජසන්තක කිරීමට අවශ්‍ය නීතිමය කටයුතු මේවන විට සිදුවෙමින් තිබේ.
වසන්ත
මෙන්ඩිස් නැමැති එම සැකකරු කටුබැද්ද ප‍්‍රදේශයේ අයෙකි. වාහන අලෙවි සැලක්
පවත්වාගෙන යන්නෙක් ලෙස ඔහු පෙනී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත.
වසර 10 ක් පුරා වාහන අලෙවි සැල කරගෙන ගිය ඔහු ඒ කාලය තුළ අලෙවි කර ඇත්තේ වාහන 150 ක් පමණක් බවද පොලිස් විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
මේ
සැකකරු සිය බිරිද සහ දරුවා සමග තායිලන්තයට පළාගොස් එහි මේ වන විට සැගවී
ජීවත්වන බවට තොරතුරු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට ලැබී ඇත.
දකුණු පළාතේ දැනට ඇති ලොකුම ගොඩනැගිල්ල පවා හිමිව ඇත්තේ මෙම ජාවාරම්කරුට බවත් ගාල්ල නගරයේ තට්ටු 12 කින් සමන්විත එම ගොඩනැගිල්ල පමණක් රුපියල් කෝටි 130 ක් පමණ වටිනා බව පොලිසිය කියයි.
බෝට්ටු මගින් ඉන්දියාවේ සහ පකිස්තානයේ සිට දකුණු වෙරල තීරයට මෙම පුද්ගලයාගේ මෙහෙයැවීමෙන් වරකට හෙරොයින් කිලෝ 500 ක් පමණ ගෙන එන බවද අනාවරණය වී තිබේ.
