ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

නුගේගොඩ නගරයේ ප්‍රසිද්ධ වෙළෙඳ ව්‍යාපාරික ආයතනයක හිමිකරු වන සරත් කුමාර හේවාගම (54) මහතා කිසියම් පිරිසක්‌ විසින් ඔහුගේ නිවසේදී දෙඅත් බැඳ ගෙල සිර කර ඝාතනය කර ඇත. පෙරේදා (18 වැනිදා) රාත්‍රි මිරිහාන මූලස්‌ථාන පොලිසියට මේ බව වාර්තා වී ඇත. මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර නුගේගොඩ, ගංගොඩවිල, සුභද්‍රරාම පාර, සපුමල් මාවතේ පිහිටි ඔහුගේ නිවසේ තිබී සොයාගත් බවද පොලිසිය කියයි.

ඝාතනයට ලක්‌වූ ව්‍යාපාරිකයා විවාහකයකු වන අතර, දික්‌කසාද වීමෙන් අනතුරුව ඔහු මෙම නිවසේ තනිවම සිට ඇති බව හෙළි වී තිබේ. ඔහුගේ නිවසේ තාවකාලිකව නැවතීමට එම ව්‍යාපාරිකයාගේ හිතවතකුගේ පුත්‍රයකු වන අ.පො.ස. උසස්‌ පෙළ සිසුවකු ඝාතනය සිදුවූ දිනට පෙර දින (17 වැනිදා) පැමිණ ඇත.


එම සිසුවා ඝාතන සිද්ධිය සිදුවූ දින (18 වැනිදා) උදේ නුගේගොඩ පුද්ගලික උපකාරක පන්තියට ගොස්‌ තිබේ. පන්තිය නිමාවූ පසු ඔහු ව්‍යාපාරිකයාගේ නුගේගොඩ නගරයේ බෝගස අසල පිහිටි වෙළෙඳ ආයතනයට ගොස්‌ ඇත. එහිදී එම ව්‍යාපාරිකයා තවත් අයකු සමග කතාබහ කරමින් සිටිනු දැක තිබේ. අනතුරුව මෙම සිසුවා නවාතැනට යැමට ව්‍යාපාරිකයාගෙන් යතුර ඉල්ලා ඇත. එහිදී එම ව්‍යාපාරිකයා සිය ව්‍යාපාරික ආයතනය වසා දමා සිසුවා හා වෙළෙඳ ආයතනයේ සිටි අනෙක්‌ පුද්ගලයා සමග ඔහුට අයත් මෝටර් රථයෙන් රාත්‍රි නිවසට පැමිණ ඇත.
ශිෂ්‍යයා තම කාමරයට ගොස්‌ දොර වසාගෙන ඇති අතර ව්‍යාපාරිකයා හා ඔහු සමග පැමිණි අනිත් පුද්ගලයා නිවසේ සාලයේ කතාබහ කරමින් සිටින හඬ සිසුවාට ඇසී තිබේ.

මේ අතර තවත් පුද්ගලයන් දෙදෙනකු ව්‍යාපාරිකයා සිටි නිවස දෙසට ගමන් කරන අයුරු සිසුවා කාමරයේ ජනේලයෙන් දැක ඇත. ඔවුන් ව්‍යාපාරිකයාගේ මිතුරන් විය හැකි යෑයි සිතා සිසුවා එය ගණන් ගෙන නැත.

ටික වේලාවකට පසු රාත්‍රි 11.00 ට පමණ ව්‍යාපාරිකයා "බුදු අම්මෝ කියා කෑගසන හඬක්‌ සිසුවාට ඇසී ඇති අතර, එහිදී ඔහු මොහොතක්‌ කාමරයට වී සිට තිබේ. ටික වේලාවකට පසු සිසුවා කාමරයේ දොර හැර බැලීමේදී ව්‍යාපාරිකයා කෑම කාමරය අසල දෙඅත් පිටුපසට ගැට ගසා ගෙල රෙදිවලින් ගැටගසා සිටිනු දැක පොලිසියට දැනුම් දී ඇත.

නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා ඝාතනය සිදු වූ ස්‌ථානයට පැමිණ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය ඊයේ (19 වැනිදා) දහවල් පැවැත් වීය.

මෙහිදී අදහස්‌ දැක්‌වූ එම නිවසේ තාවකාලිකව නැවතී සිටි විජිත රණවීර ශිෂ්‍යයා මෙසේ පැවසීය.

"මගේ ගෙවල් කලවානේ. මම මුදලාලිගේ ගෙදරට බෝඩිම් වෙන්න ඇවිත් දවසයි. මම නුගේගොඩ පන්ති යන්නයි ආවේ. මේ මිනීමැරුම කව්රු කළා ද දන්නේ නැහැ. මුදලාලි බුදු අම්මෝ කියලා කෑගහන සද්දේ තාම මට ඇහෙනවා වගේ."

ඝාතනයට අදාළව ඊයේ සවස්‌ වනතුරුත් කිසිවකු පොලිසිය අත්අඩංගුවට ගෙන නොතිබිණි.

එම නිවසේ ලැප්ටොප් පරිගණකයක්‌ ද අතුරුදන් වී ඇතැයි ද පොලිසිය කියයි. ඝාතනයට හේතුව මෙතෙක්‌ හෙළි වී නැත.

මේ පිළිබඳව මිරිහාන මූලස්‌ථාන පොලිසියේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක සුමතිපාල මහතාගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ වැඩ බලන ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එන්. කේ. ඉලංගසිංහ මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස්‌ පරීක්‍ෂක වික්‍රමාරච්චි, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන චතුරංග (82625), රත්නායක (66191), තරංග (64243) යන නිලධාරීහු හා මිරිහාන අපරාධ පරීක්‍ෂණාගාරයේ නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදුකරති.

මෙම ඝාතනය ව්‍යාපාරික ප්‍රශ්නයක්‌ මත සිදු කළේද? එසේත් නොමැති නම් ඉඩම් ආරවුලක්‌ මත සිදු කළේ ද? යන්න සම්බන්ධයෙන් පැති කීපයක්‌ ඔස්‌සේ පරීක්‍ෂණ සිදුකරන බව පොලිසිය කියයි.
 

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්