ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පුවත්පත් දැන්වීමක් පළ කර කාන්තාවක් විවාහ කර ගන්නා බවට බොරු පොරොන්දු දී රුපියල් හය ලක්ෂ අසූ දහසක මුදලක් වංචා සහගත ලෙස ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ ‍අයකු මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී අමරසිංහ මහතා 28 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බදාදා (15) නියෝග කළේය.රක්ෂිත බන්ධනාගාරගත වූයේ ගැව්ලිපිටිය, මාවනැල්ල පදිංචි 58 වියැති පුද්ගලයෙකි.
මේ තැනැත්තා කාන්තාවක් විවාහ කර ගැනීමට කැමැති බව පවසා පුවත් පතක දැන්වීමක් පළකර ඇත. මීගමුව කුරණ ප්‍රදේශයේ කාන්තාවක් ඔහු සමග කථාබහ කරගෙන දෙදෙනාම කුරණ ප්‍රදේශයේ නිවසක පදිංචි වූහ. සැකකරු කාන්තාවට ඇය විවාහ කර ගන්නා බවට පොරොන්දු දී තිබුණි.

කාන්තාවගේ දෙමව්පියන් මියගොස්ය. ඇය ස‍හෝදර සහෝදරියන්ගෙන් ඈත්ව තනිව නිවසක සිටියාය. ඇගේ පපු ප්‍රදේශයේ ශල්‍යකර්මයක් කර තිබූ බැවින් දරුවෙක් ලැබුණොත් ඇය මියයාවි යැයි සිතා මෙතෙක් විවාහ වී නැත. මේ වන විට ඇයට වයස අවුරුදු 56 කි.
සැකකරු වෘත්තියෙන් රන් ආභරණ සාදන තැනැත්තෙකි. රැකියාව දියුණු කර ගැනීමට අවශ්‍ය බව පැවසූ බැවින් කාන්තාව තම බැංකු ගිණුමෙන් රුපියල් 180,000 ක් සැකකරුට ලබා දී ඇත. පසුව තමාගේම කඩයක් බදු ගෙන රන් ආභරණ වැඩපොළක් පවත්වා ගෙන යාමට වුවමනා බව පවසා කාන්තාවගෙන් මුදල් ඉල්ලා තිබුණි. කාන්තාව තම ඉඩම හා නිවස උගසට තබා රුපියල් ලක්ෂ 5 ක් ඔහුට දී ඇතැයි පැමිණිල්ලේ සඳහන්ය.
සති මාස ගෙවී යද්දී ඔහු මඟ හැරීමට පටන් ගත් විට තොරතුරු සොයා බැලීමේ දී විවාහක අයකු බවත්, දරුවන් දෙදෙනෙකු සිටින බවත් දැන ගැනීමට ලැබුණු බවත් ඇය කියා ඇත. මීගමුව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු පැමිණිල්ලක් මත පොලිස් සැරයන් 30722 සුදත්කුමාර මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කළේය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්