දිඹුලාගල කජුවත්තේ පදිංචිව සිටින ළමා රෝග විශේෂඥ
වෛද්‍ය විනීතා රංජනී ගුණවර්ධන මහත්මියට අක්ෂි ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය
කටයුතු සලසන මෙන් සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය සේවා
අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතාට උපදෙස් දී ඇත. 81වන වයසේ පසුවන
ඇය ළමා රෝග විශේෂඥවරියක් ලෙස ජීවිතයේ වැඩි කාලයක් මහවැලි සී හා ඩී කළාපවල
රෝගී ජනතාවට සේවය කර ඇත.
මේ වන විට ඉතා අන්ත අසරණ තත්ත්වයේ පසුවන ඇයගේ ඇස් පෙනීමද ඉතා දුර්වල තත්තවයක තිබෙන බැවින් තමාට පෙනී ලබා දීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ඇය එක්තරා මධ්‍යක් හමුවේ ඉල්ලීමක් කර ඇත.
එම ඉල්ලීම සලකා බැලූ ඇමතිවරයා ඇයගේ ඇස්වල පෙනීම ලබා දීමට අවශ්‍ය සියලු කටයුතු කරන ලෙස අධ්‍යක්ෂ ජනරාල් වරයාට දැනුම් දී ඇත.