ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

මහව පොලිසියේ සුළු පැමිණිලි අංශය මගින් විභාග කළ යුතු පැමිණිල්ලක්‌ වාසි සහගත ලෙස විභාග කිරීමට කාන්තාවකගෙන් ලිංගික අල්ලසක්‌ ඉල්ලා එය ලබා ගැනීමට තැත් කළ මහව පොලිසියේ අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අල්ලස්‌ හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් ඊයේ (26 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

කාන්තාවගෙන් ලිංගික අල්ලස්‌ ලබා ගැනීමට ක්‍රියා කළ මහව අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එම්. අලහකෝන් අත්අඩංගුවට පත්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකදීය.

පැමිණිලිකාරිය මහව ප්‍රදේශයේ පදිංචිකාරියක්‌ වේ. ඇයගේ දරුවා වෙනත් පුද්ගලයකුට හදාවඩා ගැනීමට ලබාදී සිටියදී ඔහු විසින් දරුවා පාසලකට ඇතුළත් කිරීමට උත්සාහ දරා ඇත.

එයට එරෙහිව පැමිණිලිකාර කාන්තාව විසින් මහව පොලිසියේ සුළු පැමිණිලි අංශයට පැමිණිලි කර නීත්‍යානුකූලව දරුවා සිය භාරයට ගෙන ඇත. පසුව දරුවා හදාවඩාගත් පුද්ගලයා දිගින් දිගටම කාන්තාවට තර්ජනය කිරීම නිසා මේ සම්බන්ධයෙන් මහව පොලිසියේ සුළු පැමිණිලි අංශය වෙත පැමිණිලි කර තිබේ. ඊට අමතරව කාන්තාව අපරාධ අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක අලහකෝන් මහතාද හමුවී තමාට තර්ජනය කරන පුද්ගලයා ගැන පවසා ඇත.

එහිදී අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා විසින් කාන්තාවට වාසිසහගත ලෙස පැමිණිල්ල විභාග කිරීම සඳහා කාන්තාවගෙන් ලිංගික අල්ලසක්‌ ඉල්ලා ඇත. මේ සම්බන්ධයෙන් අදාළ කාන්තාව අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිලි කර පසුව එහි උපදෙස්‌ මත කුරුණෑගල ප්‍රදේශයේ හෝටලයකදී ලිංගික අල්ලස ලබාගැනීමට පැමිණි අපරාධ අංශයේ ස්‌ථානාධිපතිවරයා කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී තිබේ. කාන්තාවගේ සැමියා බස්‌රථ රියෑදුරකු ලෙස සේවය කරයි.

අල්ලස්‌ හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳිගේ මහතාගේ උපදෙස්‌ මත විමර්ශන නිලධාරීන් කණ්‌ඩායමක්‌ වැඩිදුර විමර්ශන සිදුකර සැකකාර ස්‌ථානාධිපතිවරයා අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්