විටින් විට රුපියල් පනහ බැගින් ලබාදෙමින් මාස දෙකක පමණ කාලයක්
තිස්‌සේ අවුරුදු 13 ක දැරියක ලිංගික අපහරණයක යොදාගත් 61
හැවිරිදි පුද්ගලයෙක් හොරණ මහෙස්‌ත්‍රාත් වරයා විසින් ලබන 28
වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලදී. තමා හා සැමියා
රැකියාවට ගිය පසු 13 හැවිරිදි දියණිය හා පුතා (බාල සොහොයුරා)
පාසල් යන බවත්, එසේ ගොස් පැමිණි පසුව පුතා සෙල්ලම් කිරීමට ගිය
විට තම අස්‌ලවැසියකු වන සැකකරු දැරිය ඔහුගේ නිවසට කැඳවාගෙන
විත් අපහරණයට යොදාගෙන ඇති බවත් දැරියගේ මව බණ්‌ඩාරගම පොලිසියට
පැමිණිලි කර තිබේ. පසුව බණ්‌ඩාරගම පොලිසිය මගින් සැකකරු
අත්අඩංගුවට ගෙන ඉකුත් 14 දා හොරණ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්
පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇති අතර දැරිය වෛද්‍ය පරීක්‍ෂණයකට
යොමුකර තිබේ. ණ්‌ඩාරගම පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.
