සුදු පැහැති වෑන් රථයකින් පැමිණි සන්නද්ධ
කණ්ඩායමක් විසින් දෙහිවල බඩෝවිට ප‍්‍රදේශයේ නිවසකින් ඉරිදා(26) වෙනිදා
රාත‍්‍රීයේදි පැහැරගන්නා ලද පුද්ගලයෙකුගේ කපා කොටා ඝාතනය කළ සිරුර
සඳුදා(27) වෙනිදා අත්තිඩිය ඉදිගහදෙණීය ප‍්‍රදේශයේ අත්තිඩිය ඇලේ දමා තිබියදී
පොලිසියට හමුවී ඇත. වෘර්තියෙන් ත‍්‍රී රෝද රථ රියදුරෙක් වන ගිහාන් අසිත
පෙරේරා නැමැති තිස් හතර වියැති දෙදරු පියෙකුව එසේ ඝාතනය කොට තිබෙන බව පොලිසිය කියයි.
දෑත් දෙපසට කොට ගැට ගසා ඔහුව මරා දමා ඇත්තේ වද හිංසා කර බව බැලූ බැල්මට පෙනී යන බව උසස් පොලිස් නිළධාරියෙක් සදහන් කළේය. නිවසේ සිටියදී මේ පුද්ගලයාව සුදු වෑන් කණ්ඩායම විසින් පැහැරගෙන ගොස් ඇත්තේ තමන් පොලිසියේ යැයි හදුන්වා දෙමිණි. එම අවශ්ථාවේ ඔහුගේ මව නිවසේ සිට ඇත.
මේ පුද්ගලයා ප‍්‍රදේශයේ සිටින මත් දඞ්‍ය ජාවාරම්කරුවන්ව ඇසුරු කරන්නෙක් බවත් ඔහු මත් ද්‍රව්‍ය ප‍්‍රවාහනය කිරීම් වලට සම්බන්ධ බවට බුද්ධි තොරතුරු තිබුණු බවත් උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.
මේ ආකාරයටම මෙයට සතියකට පෙර බඩෝවිට ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්ව සුදු වෑන් රථ කල්ලියේ පැහැර ගැනීමකට ලක්විය. ඊට පසුදින මේ ආකාරයටම ඔහුවද කපා කොටා මරා මළ සිරුර බොරලැස්ගමුවේ පිල්ලෑව ප‍්‍රදේශයේ දමාගොස් තිබිණි. එම පුද්ගලයා ප‍්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන වෙලේ සුදාගේ ගෝලයෙක් බව සඳහන්ය.