වැරදුණු දුරකථන පණිවුඩයකින් (මිස්‌කෝල්) හදිසියේ හඳුනාගත් 15 හැවිරිදි බාලවයස්‌කාර
තරුණියක් සමග ප්‍රේම සබඳතාවක් පවත්වා පසුව ඇයව හෝටලයකට කැඳවා ගෙන ගොස් දූෂණය
කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකාර තරුණ විවාහකයකු රුපියල්
7500 ක මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ දෙකක ශරීර ඇපමත රිමාන්ඩ් භාරයෙන් මුදාහැරීමට
මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
රිමාන්ඩ්භාරයේ සිට ඇප නියම වූ සැකකරු වූයේ ජාඇල උදම්මිට පදිංචි සුජාන් ධනුෂ්ක සිල්වා නමැත්තෙකි. සීදුව පොලිසිය මගින් සැකකරුට එරෙහි ගොනුකළ පැමිණිල්ල අනුව සැකකරු වෙතින් අතවරයට පත් තරුණිය සීදුව දඹදුරය ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇගේ පියා මව සමග විරසක වී ඔවුන් දෙදෙනා වෙන් වී ඇත. තරුණිය මව සමග ජීවත් වන්නීය. මිස්‌කෝල් එකකින් හදිසියේ හමුවූ පෙම්වතා එම තරුණිය රවටා කැඳවාගෙන ගොස් දූෂණය කිරීමෙන් අනතුරුව ඇය සතියක පමණ කාලයක් ඔහුගේ බෝඩිමේ රඳවාගෙන ඇත. පසුව සැකකරු තමා විවාහකයකු බවත් තමාට දරුවකු සිටින බවත් පවසා තරුණිය බෝඩිමෙන් පන්නා දමා ඇත. සීදුව පොලිසිය පැමිණිල්ල මෙහෙය වීය. විත්තිය වෙනුවෙන් නීතිඥ ගොඩ්ප්‍රි කුරේ මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය ජුනි මස 20 වැනිදා පැවැත්වේ.