ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

 ගාල්ල ගාමිණී මාවතේ සුපිරි වෙළෙඳ සංකීර්ණයක පිහිටි ජංගම දුරකථන අලෙවි සලකට රාත්‍රී ඇතුළු වී පැය පහකට ආසන්න කාලයක් එහි රැඳී සිට ජංගම දුරකථන රැසක් සොරකම් කළ කාන්තාවක පෙරේදා ගාල්ල ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
එම කාන්තාව ගාල්ල බටදූව ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය ඉකුත් 5 වැනි දින රාත්‍රී 11.30ට පමණ වෙළෙඳස‍ලේ දොර කඩා ඇතුළු වන අයුරු සී.සී.ටී.වී. කුමරාවේ සටහන්ව තිබේ. ජංගම දුරකථන සොරකම් කොටගෙන ඇය වෙළෙඳසලෙන් පිටව ගොස් ඇත්තේ හය වැනි දින අලුයම 4.00ට පමණය.

මෙම කාන්තාව පස්වැනි දින පස්වරු 4.19ට පළමුව වෙළෙඳසලට පැමිණ ඔත්තු බලා තිබේ.එක් දරු මවක් වන මෙම කාන්තාව දික්කසාද වී ඇති තැනැත්තියකි. වෙළෙඳසලට පස්වරුවේ පැමිණ සියලු තොරතුරු සොයාගෙන ගොස් ඇති මෙම කාන්තාව ඉකුත් 5 වැනි දින රාත්‍රී 11.30ට පමණ ඉස්කුරුප්පුනියනයක් කටර්ණ්ඩුවක් හා ආයුධ කිහිපයක් රැගෙන විත් වෙළෙඳස‍ලේ දොරවල් කඩා ඇය වෙළෙඳසලට ඇතුළු වී තිබේ. ඇය පැය හතරහමාරක් පමණ වෙළෙඳසල තුළ සිටිමින් ජංගම දුරකථන සොරකම් කිරීමේ මෙහෙයුම දියත් කොට ඇත.

ඒ විතරක් නොව මෙම කාන්තාව ඒ අතර කාලයේ වෙළෙඳස‍ලේ වැසිකිළියටද ගොස් තිබේ. පසුව ඇය තම බෑගයට ජංගම දුරකථන තොගය දමාගෙන වෙළෙඳසලෙන් පිටත්ව ගොස් තිබේ. වෙළෙඳසල් හිමියා පැමිණ බලන විට වෙළෙඳස‍ලේ දොරකඩා ජංගම දුරකථන සොරකම් කොට තිබි ඇත. පසුව ඔහු තම වෙළෙඳ සේවකයින් සමග වෙළෙඳස‍ලේ තිබූ සී.සී.ටී.වී. කැමරාව පරීක්ෂා කොට ඇත. එහිදී මෙම කාන්තාව වෙළෙඳසලට පැමිණෙනු දැක පුරුදු කාන්තාවක් බවට වෙළෙඳ සේවකයින් හඳුනාගෙන තිබේ. ඇය අම්බලන්ගොඩ ප්‍රදේශයේ වෙළෙඳසලක සේවය කරන වෙළෙඳ සේවිකාවක බව පැවසෙන අතර මේ පිළිබඳ වෙළෙඳසල් හිමියා විසින් ‍පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු අදාළ කාන්තාව සැකපිට ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි. වෙළෙඳසල් හිමිකරු වෙළෙඳසල වසා ගොස් ඇති අතර පසුදින (05දා) මෙම වෙළෙඳසල විවෘත කොට බලන විට වෙළෙඳසල බිඳ ඇති බව ‍පොලිසියට  කළ පැමිණිල්‍ලේ සඳහන් වේ. වෙළෙඳසල් හිමිකරු ගාල්ල දෙවට කටුගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මෙම සොරකම පිළිබඳ ගාල්ල ‍පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්