ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

බාල වයස්කාර දැරියක සමඟ නුවරඑළියේ විනෝදචාරිකාවක් සඳහා පැමිණ උඩුපුස්සැල්ලාව ප්‍රදේශයේ ලැගුම්හලක දින දෙකක් ගතකොට ආපසු යමින් සිටි තරුණ ශ්‍රමණ වේශධාරියෙක් උඩුපුස්සැල්ලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ විමසිලිමත්භාවය නිසා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.

මොහු බළපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක ශ්‍රමණ වේශධාරියෙකි. දූෂණයට ලක්වී ඇතැයි පැවසෙන 15 හැවිරිදි තරුණියද එම විහාරස්ථානය අසලම නිවෙසක පදිංචිකාරියක බවටත් ඔවුන් දෙදෙනා කලක සිට ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවටත් තොරතුරු හෙළි කර ගැනීමට හැකිවී ඇත.

පිටපළාතක ත්‍රීවීල් රථයක් තුළ තරුණ ශ්‍රමණ වේශධාරියකු හා තරුණියක එකට ගමන් කරනවා දැක ඇති වූ සැකය මත පොලිස් ප්‍රශ්න කිරීම්වලදී මෙම තොරතුරු හෙළි විය.පසුගිය දෙවැනිදා ඔවුන් බළපිටියේ සිට ත්‍රීවීල් රථයකින් උඩුපුස්සැල්ලාව ප්‍රදේශයට පැමිණ කාමරයක නැවතී ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා දින දෙකක් එකට ගතකොට හතර වැනිදින ආපසු යද්දී මෙසේ පොලිසියට ඇස ගැටී ඇත.

මෙම තරුණියගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඇය ශ්‍රමණ වේශධාරියා අතින් අතවරයට ලක්වූ බව ප්‍රකාශ කොට ඇත.

තරුණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරීම සඳහා මේවනවිට නුවරඑළිය මහරෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වේ.

සැකකාර ශ්‍රමණ වේශධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
උඩුපුස්සැල්ලාව පොලිස් ස්ථානාධිපති සුදත් වල්පොළ මහතා ඇතුළු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්