මේරියන්ස්' නලින් ගෙන්
ස්වර්ණමාලා
මල්ලවආරච්චිට හා රනිල්ට පිළිතුරක්
“මේරියන්ස් නලින්ට මිල්ටන්ගේ සින්දු තහනම්” මැයෙන් පසුගිය “රසඳුන” මඟින් විශේෂ හෙළිදරව්වක් කළ ගායක මිල්ටන් මල්ලවආරච්චිගේ බිරිය ස්වර්ණමාලා මල්ලවආරච්චිට පිළිතුරු ලෙසින් “මේරියන්ස්” නලින් පෙරේරා ද අප සමඟ සිය අදහස් දැක්වූ අතර එම අදහස් අපි මෙසේ අකුරු කරමු.
“ස්වර්ණා අක්කාව (නලින් ස්වර්ණමාලා මල්ලවආරච්චි මහත්මියට අමතන්නේ එසේ ය.) මෙහේ ඉන්න කවුරු හරි නොමඟ යවලා තියෙනවා. ස්වර්ණක්කලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේනේ. ඉතින් ලංකාවේ ඉන්න කවුරුන් හෝ ඇයට වැරදි වැටහීම් ඇතිවන අයුරින් මොනවා හරි දැනුම් දීලා තියෙනවා වගේ. ස්වර්ණක්කාගේ ලිපියේ වැරදි මත ගොඩාක් තියෙනවා. අපි කවදාවත් මිල්ටන් අයියාගේ සින්දු අනවසරෙන් ගායනා කරලා නැහැ. හැබැයි මංගල උත්සවවලදී, ප්‍රිය සාදවලදී නම් මිල්ටන් අයියාගේ විතරක් නෙමෙයි වොලී බැස්ටියන්, සී. ටී. ප්‍රනාන්දු, ක්ලැරන්ස් විජේවර්ධන, එච්. ආර්. ජෝතිපාල ඇතුළු කොයි ගායන ශිල්පියාගේත් ගීත ගායනා කරනවා අවස්ථානුකූලව. ඕන band එකක් එහෙම කරනවානේ. එහෙම නැතුව කිසිම විටක අපි මිල්ටන් අයියාගේ නම පාවිච්චි කරලා හරි, පින්තූර දාලා හරි කළ දෙයක් තියෙනවා නම් එය අවසර අරගෙන කළා මිසක අනවසරෙන්, රනිල් ව මුලා කර කරලා නැහැ. ප්‍රසංග වල මිල්ටන් අයියාගේ ගීත ඉදිරිපත් කළ හැම අවස්ථාවකදීම රනිල්ට ගෙවීම් කළා. ඒ බව සනාථ කරන්න අදාළ රිසිට් පත් ආදිය සියල්ලක්ම එම ප්‍රසංග සංවිධානය කළ සංවිධායකයින්ගෙන් මා ලබාගෙන තියෙනවා.”
“මෑතකදී සිට තමයි ඔය ප්‍රශ්නේ ආවේ. නැත්නම් රනිලුයි මමයි හොඳ යාළුවෝ. අපි දෙන්නාගේම උපන් දිනත් එකම දිනයටයි යෙදී තියෙන්නෙත්. එදාට අපි එකිනෙකාට සුබ පතනවා. අපි එකතු වෙලානේ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේ පැවැත් වූ ‘milton unplugged’ ප්‍රසංගය කෙරුවෙත්. ඔන්න බලන්න, එදා සින්දු 30 ක් ඒ ප්‍රසංගයට කළා. ඉන් 15 ක් රනිල් ගායනා කළා. අනිත් 15 ගායනා කළේ අපි. (“මේරියන්ස්”) රනිල් ලංකාවට ඇවිල්ලා නෙළුම් පොකුණේ මිල්ටන් අයියාගේ ප්‍රසංගයක් කළා මතක ද?
අන්න ඒ ප්‍රසංගයට පෙර එදිනම තමයි පන්නිපිටියේ ධර්මපාල විදුහලේ අපේ ප්‍රසංගයක් සැලසුම් කරලා තිබුණේත්. ඉතින් ඒ අතර රනිල් මට දුරකථනයෙන් කතා කරලා - ‘නලියා, මං ලංකාවට එනවා. මොනවා හරි ෂෝ එකක් ලෑස්ති කරපන්’ කිව්වාම මමත් අපේ හිතවත්කම හින්දා සංවිධායකයින්ට කිව්වා රනිලුත් එනවා කියලා. හැබැයි ප්‍රචාර කටයුතුත් කරලා ඉවර වුණාම රනිල් ලංකාවට ඇවිල්ලා කිව්වේ - ‘මචං මාර අප්සෙට් එක. මම නෙළුම් පොකුණේ තාත්තාගේ වෙනම කොන්සට් එකක් කරනවා හරියට එදාම. මට එන්න බැරි වෙනවා. උඹලා වැඩේ කරගෙන පලයල්ලා. උඹලා තාත්තාගේ සින්දු කිව්වාට කිසි අප්සෙට් එකක් නැහැ’ කියලයි.
ඔය සිද්ධිය ධර්මපාල විද්‍යාලයේ OB එකෙන් (ආදි සිසුන්) අපිට විස්තරාත්මකව ලියා දීලා තියෙනවා. අපි 70 දශකයේ ගීත ගායනා කළ පළවැනි ප්‍රසංගයේ දී ‘නලින්, උඹලනේ කියන්නේ. ප්‍රශ්නයක් නැහැ’ කිව්ව රනිල් වෙනස් වුණේ ස්වර්ණක්කා පවසා තිබුණු චෝදනා එකක්වත් නිසා නෙමේයි කියලයි මං හිතන්නේ. මොකද ඒ චෝදනා එකක් වත් මේ ‘මේරියන්ස්’ නලින් ට අදාළ ඒවා නොවන හින්දා. මේක තරහක් පිරිමහ ගැනීමක් කියලයි මං හිතන්නේ.
. පිරිමහගන්න තරහක් ඇත්නම් ඊට කිසියම් හෝ හේතුවක් විය යුතුයි නේද...?
මට අනුමාන හිතෙන හේතුවකට තියෙන්නේ එක දෙයයි. ඒ - ඊයේ පෙරේදා වෙච්ච සිද්ධියක්. රනිල්ගේ පුතා මිල්ටන් අයියාගේ ‘එදා රෑ’ ගීතය ඉංග්‍රීසියෙන් කළ එක youtube එකෙන් දැකලා අපේ බෑන්ඩ් එකේ සාමාජිකයෙක් comment එකක් දාලා තියෙනවා - ‘අපි මිල්ටන් අයියාගේ සින්දු වලට ආදරෙයි. ඒ මෙලඩි එක අපරාදේ’ වැනි අදහසක් ඇතුව. ඉන්පසු රනිල් මට message එකක් එව්වා ‘උඹලාගේ අර කීබෝඩ් ගහන (එම වචනය අපි විසින් කපා හැරිමු) කියපන් බේරිලා ඉන්න කියලා’ කියා. එතකොට මං දන්නෙත් නැහැ එහි අගක් මුලක්. පසුව හොයා බලද්දී තමයි දැනගත්තේ සිද්ධිය. එදායින් පසුව තමයි රනිල් මට කියලා එවන්නේ ‘මීට පස්සේ තාත්තාගේ සින්දු කියන්න එපා’ කියලා.
. ඔවුන් ඔබට චෝදනා කරන්නේ ඔබ මිල්ටන්ගේ ගීත සහ ඡායාරූපය අනවසරෙන් භාවිත කරමින් සහ රනිල්ව මුලා කරමින් අයුතු ප්‍රයෝජන ලබා ගන්නා බවටයි.
කවදාවත් එහෙම දෙයක් සිදුවෙලා නැහැ. අපි කිසිදාක ප්‍රසංග සංවිධානය කරන්නේ නැහැනේ. බොහෝ විට ස්කූල් OB එකක් නැත්නම් Company එකක් තමයි අපේ ප්‍රසංගවලට මැදිහත් වෙන්නේ. මම එවිට ඔවුන්ව කෙළින්ම රනිල්ට සම්බන්ධ කරනවා. ඉන්පසු ඒ ඒ සංවිධායකයින් තමයි රනිල් සමඟ සියලු ගනුදෙනු කරන්නේ. රනිල්ගේ අවසර අරගෙන තමයි ඔවුන් මිල්ටන් අයියාගේ ඡායාරූපය ප්‍රසංගයේ ප්‍රචාර කටයුතු සඳහා යොදා ගන්නේ. ඒ වගේම රනිල්ට, ප්‍රසංග කරපු සංවිධායකවරු මුදල් ගෙවපු රිසිට් තිබෙනවා. තව පාසල් වලින් දුන්නු ලියුම් තියෙනවා. රනිල්ගේ ගිණුමට මුදල් දාපු රිසිට් පත් පවා තිබෙනවා. ඉතින් කොහොම ද අවසර නැතුව මිල්ටන් අයියාගේ ගීත සහ ඡායාරූපය අපි භාවිත කළා කියන්නේ හෝ රනිල්ව මුලා කළා කියන්නේ.
. ඔබ පවසන පරිදි රනිල්ට අදාළ මුදල් ගෙවීම් කළ රිසිට් පත්, ලිපි ඇතුළු ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමට ඔබ සූදානම් ද...?
ඔව්. හැබැයි කවදාවත් අපි සල්ලි දීලා නැහැ රනිල්ට. ඒක අපේ වැඩක් නෙමේ. ඒක ප්‍රසංග සංවිධායකයින්ගේ වැඩක්. මගේ ප්‍රසංග සංවිධායකයින් සියලුම දෙනා දැන් පෙළ ගැහෙනවා මේ සිද්ධිය පිටුපසින්. මට විශ්වාසයි ඔවුන්ව. ඔවුන් සතුව රනිල්ගේ නමටම මුදල් ගෙවූ බවට ඇති රිසිට් පත් හොඳටම ඇති මෙහි ඇත්ත තත්ත්වය ඔප්පු කරන්න. සමහර විට රනිල් එයාගේ අම්මාව (ස්වර්ණක්කාව) මේ පිළිබඳ දැනුවත් කරලා නැතුව ඇති සල්ලි ගත්තයි කියලා.
ඒක රනිල්ගෙයි ස්වර්ණක්කාගෙයි අතර වෙච්ච අඩුපාඩුවක් වෙන්න ඇති. ඒකට මම පළි නැහැ. මොකද මේවා අනවසරෙන් හොරෙන් කරන්න පුළුවන් ‘හොරෙක්’ නෙමෙයි මම. මේ රටේ ලෝකයේ ප්‍රසිද්ධියේ හැසිරෙන විවෘත මිනිහෙක් මං. ඔය චෝදනා කරන තුප්පහි වැඩ කරලා නමක් ගන්න හෝ සල්ලි හොයන්න මට අවශ්‍ය නැහැ. අපි 1989 ඉඳලා ප්‍රසිද්ධ වෙලා ඉන්නේ අනුන්ගේ ගීත ගායනා කරලා නෙමේ. පැරණි ගායකයින්ගේ ගීත ගායනා කරනවා නම් ඔවුන් වෙනුවෙන් කර්තෘ භාග ගෙවන්න මනුස්සකම මා ළඟ තියෙනවා.
. ඔබ වංචාවෙන් මිල්ටන්ගේ ඡායාරූපය සහ ගීත විකුණාගෙන කෑම නින්දා සහගත
ක්‍රියාවක් බව ද ඇය ප්‍රකාශ කළා.
මේරියන්ස් අපිට පරණ ගායකයින්ගේ ගීත කියලා බඩගෝස්තරය පුරවා ගන්න ඕනේ නැහැ. අපිට අපේ ගීත ඕනෑ තරම් තියෙනවා. ඒ වගේම ඕනෑ තරම් වැඩත් තියෙනවා. අපි මේ කරන්නේ ජාත්‍යන්තර තලයේ ප්‍රසංග කලාවක්. අපියි මෙය ලංකාවට හඳුන්වා දුන්නේ. මගේ ගීතයක් කවුරු හරි ඉල්ලුවොත් මං දෙනවා, ඊට අදාළ මුදල අරගෙන. ලෝකේ සම්ප්‍රදාය අනුව අවසර ඇතුව කර්තෘ භාග ගෙවලා පැරණි ගීත නැවත ගායනා කිරීමේ අයිතිය ඕනෑම කෙනෙකුට තිබෙනවා.
මේ රටේ ගීත ලෝලීන්ගේ ආස්වාදය පිණිස මම මෙය කරගෙන ආවට 70 දශකයේ ගීත ගායනා කරලා සල්ලි හම්බ කරන්න මට ඕනි නැහැ. මට ඇතිවෙන්න සල්ලි තියෙනවා. කිසි අඩුපාඩුවක් නැතුව දැන් ලංකාවේ තියෙන ලොකුම ශබ්දාගාරය අයිති කලාකරුවෙක් මම. බඩගින්නේ ඉන්නවා නම් කාගෙවත් සින්දු ඉල්ලගෙන කියන්න ඕනකමක් මට නැහැ. ඔය කාගේවත් පදනම් හරහා උදව් නැතුවාට මං පාරට බැස්සොත් ලක්ෂයක් හරි ඇවිල්ලා මට උදව් කරයි.
අද මගේ පිටුපස්සේ මගේ ගීත රසිකයෝ ඉන්නවා. ස්වර්ණක්කලා ඔය තරහක්නේ පිරිමහන්නේ. මං කියන්නේ මේ ලෙස කාගේවත් කුණු ඇඳගෙන ගහගන්න කිසි උවමනාවක් නැහැ. රනිල් මීට වඩා බුද්ධිමත්ව මේ දිහා බලලා තමුන් කිව්වේ මොනවා ද, කෙරුවේ මොනවා ද සිහිපත් කරලා කටයුතු කරනවානම් අපි හැමෝගේම ආත්ම ගෞරවයට එය ඉතා වැදගත් වේවි. මොකද මේ වැඩෙන් මගේ කීර්ති නාමයටත් කැළලක් වෙනවා. වරදක් නොකර අනවශ්‍ය විදිහට මෙහෙම ප්‍රසිද්ධියේ අපහාස විඳින්න ඕනෑ කමක් නැහැනේ.
රනිල් සමඟ පැවති මිතුරුකම මම තවම නැති කරගෙන නැහැ. මම හැම තිස්සෙම පොසිටිව් ඉන්නේ. ස්වර්ණක්කා මීට වඩා ටිකක් බුද්ධිමත්ව කල්පනා කරලා කටයුතු කළා නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ. තවදුරටත් නොකළ වරදකට ඔය ආකාරයෙන් චෝදනා සහ අපහාස කළොත් මට සිදු වෙනවා නීතිමය ක්‍රියා මාර්ගයකට යන්න. මොකද අපි හොරෙන් සින්දු කිව්වා කියලා මිනිස්සු වැරදියට හිතුවොත් එය අපට අගෞරවයක් වන හින්දා. මම මේ ස්වර්ණක්කාට බොහොම ගෞරවාන්විතව කියන්නේ. ඒ ගොල්ලෝ ඉන්නේ ඈත. ඇහැට දකින්න නැහැ. කනට ඇහෙන්නේ නැහැ. කවුරුන් හෝ කියන දේවල් විශ්වාස කරලා මෙහෙම වැඩ කරන්නේ. මට දැනෙන්නේ එහෙමයි. වැඩිදුරටත් පවසන්න තියෙන්නේ ස්වර්ණක්කාගේ චෝදනා සියල්ලම මම ප්‍රතික්ෂේප කරන බවයි.

![]() |
| මල්ලවාරච්චි බිරිද |