ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කැසිනෝ රජු ආණ්ඩුවට අනතුරු අඟවයි,අයෝජන මියන්මාරයට ගෙනයාමේ සැලැස්මක් 

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ ලේක්හවුස් ආයතනය ඉදිරිපිට ආරම්භ කිරීමට නියමිත සුපිරි හෝටලයට සහ කැසිනෝ ශාලාවට අවශ්‍ය නීත්‍යනුකූල අනුමතය මාසයක් ඇතුළත නොලැබෙන්නේ නම් තමන් ඒ සඳහා වෙන් කර ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක ආයෝජනය මියන්මාරයට රැගෙන යන බවට ඕස්ට්‍රේලියාවේ කැසිනෝ රජු ලෙස ප්‍රකට ජේම්ස් පැකර් ආණ්ඩුවට අනතුරු අඟවා තිබේ.

ආණ්ඩුව මඟින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත කැසිනෝ පනත් කොටුම්පතට එරෙහිව මේ වනවිට මහ නාහිමිවරුන් ඇතුළු භික්ෂුන් වහන්සේගෙන් සහ සිවිල් සංවිධානවලින් මෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වකාර පක්ෂයක් වන හෙළ උරුමයෙන්ද එල්ල වී ඇති දැඩි විරෝධය නිසා එය ප්‍රමාද කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත.

මේ නිසා ජේම්ස් පැකර් අදාළ අනතුරු ඇඟවීම කර ඇති අතර ඉන් පසු පැකර්ගේ මෙරට ප්‍රධාන නියෝජිතයා වන පෞද්ගලික බැංකුවක සභාපතිවරයකු මේ පිළිබඳ ආයෝජන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා පවත්වා තිබේ.

එහිදී ඇතිකරගත් එකඟතාවට අදාළ විශේෂ පණිවුඩයක් ජේම්ස් පැකර්ට ලබාදීම සඳහා මේ සභාපතිවරයා පසුගිය 05 දා රාත්‍රියේ ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් ඇත. විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මේ පණිවුඩය මඟින් ජේම්ස් පැකර්ට දැනුම් දී ඇත්තේ අදාළ හෝටලයේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙසයි.

ඊට වසර තුනක් පමණ ගතවන නිසා මේ ගැටලු නිරාකරණය කරදීමට හැකිවන බවද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් අදාළ සභාපතිවරයා හරහා පැකර්ට දැනුම් දී තිබේ.
මේ අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට දැනටමත් පැකර්ගේ නියෝජිතයන් මියන්මාරයට ගොස් ඇති බවද හෙළි වෙයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්