කේ. ජී. පී. විඡේවර්ධන නම් මෙම දරුවා උපත ලබා ඇත්තේ 2002
සැප්තැම්බර් 6 වැනිදාය. ඒ අනුව 2007 දී මෙම දරුවා පාසලේ 1
වන ශ්‍රේණියට ඇතුළත් කළ යුතුව තිබිණි. (2007 වසරට දරුවාගේ
වයස අවුරුදු 5 සම්පූර්ණ වේ.) ඒ අනුව දරුවා දැනට පාසල්
ගියානම් 6 වන ශේ්‍රණියේ අධ්‍යාපනය ලබන්නේය. 5 ශේ්‍රණිය
ශිෂ්‍යත්ව විභාගය පවා සමත්වීමට ඉඩ තිබිණි. මෙවැනි විශේෂ
අවශ්‍යතා ඇති දරුවන්ට අධ්‍යාපන පහසුකම් ලබාදීම අධ්‍යාපන
බලධාරීන්ගේ විදුහල්පතිවරුන්ගේ රාජකාරී වගකීමකි යුතුකමකි. ඒ
අනුව මෙම දරුවාට අධ්‍යාපනය ලැබීමට පාසලක් ලබානොදීම
පාපකාරී ක්‍රියාවකි.
ලබුදුව නරාවල පාරේ සිරිධම්ම විදුහල පිහිටි මාර්ගයේ මීටර් 100 ක් පමණ අතුරු පාරක පිහිටි දැල්කැටදූව වත්ත නමැති ඉඩමේ මෙම දරුවා පදිංචි නිවස පිහිටා ඇත. ලබුදුව සිරිධම්ම විදුහලේ සිට මීටර් 400 ක් පමණ දුරින් විදුහලේ සීනුහඬ ඇසෙන මානයේ මෙම නිවස පිහිටා ඇත.
නමුත් ලබුදුව සිරිධම්ම විදුහලට මෙම දරුවා 1 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට 2007 වසරේ ඉල්ලුම්පත් යොමුකළත් එවකට සිටි විදුහල්පතිවරයා අනුකම්පා විරහිතව එය ප්‍රතික්‍ෂේප කර ඇත. ඊට පසු වසරවල කළ ඉල්ලීම්ද තුට්‌ටුවකට ගණන් ගෙන නැත. තවද මෙම දරුවාගේ සහෝදරයා වන ගිම්හාන ලබුදුව සිරිධම්ම විදුහලේ 9 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන්නේය.
මේ තත්ත්වය යටතේ දරුවා දැනට පාසල් නොගියත්, දෙමාපියන් විසින් නිවසට පුද්ගලිකව ගුරුවරුන් ගෙන්වා අධ්‍යාපනය ලබාදීම නිසා දරුවාට හොඳින් පොත පත කියවීමට, ලිවීමට චිත්‍ර ඇඳීමට, ගීත ගායනා කිරීමට ඕගනය වාදනය කිරීමට හැකියාව ඇත. නිර්මාණ කුසලතා ඇති දරුවෙකි. අඩුවකට ඇත්තේ ඇවිදීමට නොහැකිවීම පමණි.
මෙම දරුවාගේ පියාවන කේ. පී. ජී. සිරිල් විඡේවර්ධන මහතා රජයේ පාසලක ඉංග්‍රීසි පුහුණු ගුරුවරයෙකි. ගා/යක්‌කලමුල්ල කරාගොඩ කනිටු විදුහලේ සේවය කරන්නේය. නමුත් සැතපුම් 5 ක දුරින් පිහිටි පියා උගන්වන පාසලට දරුවා වඩාගෙන යැම අපහසුය. මව වන ගංගා ජයසේකර මහත්මිය කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෙද නිලධාරිනියක් ලෙස සේවය කරන්නීය. කරාපිටිය රෝහලේ පාලකයන්ගේ කාරුණික බව ලැබීම නිසා මවට උදේ කාලයේ දරුවා රැකබලා ගැනීමට අවස්‌ථාව ලැබේ.
ඒ අනුව ලබුදුව සිරිධම්ම විදුහලට මෙම දරුවා ඇතුළත් කර ගත්තේනම්, මවට සෑම දිනකම පන්තිය අසල රැඳී සිටිමින් දරුවාගේ අවශ්‍යතාවන් ඉටුකිරීම, දරුවා පාසලට රැගෙන පහසුවෙන් යැම හා ඒමට ඉඩ තිබිණි.
තවද නිවසට කිට්‌ටුව ඇති තොටගොඩ අත්තදස්‌සි කනිටු විදුහලට මෙම දරුවා ඇතුළත් කිරීමට, මෙම දෙමාපියන් විසින් ඉල්ලීම් කොතෙක් කළත් ඉටුනොවීය.
මේ තත්ත්වය යටතේ ලබුදුව සිරිධම්ම විදුහලට නව විදුහල්පති ලෙස පැමිණි නිහාල් ගුරුසිංහ මහතාගෙන්ද මෙම දෙමාපියන් විසින් නැවත මෙම දරුවා 2014 වසරට ඇතුළත් කරගන්නා ලෙසද ඉල්ලීමක් කර ඇත.
මෙම දරුවාගේ පියාවන සිරිල් විඡේවර්ධන මහතා පැවැසුවේ, නිවසට කිට්‌ටුව දකුණු පළාත් සභාවට අයත් පාසලකට ස්‌ථාන මාරුවීමක් ලැබේනම්, එකී පාසලකට තම දරුවා ඇතුළත් කර දරුවාට අධ්‍යාපනය ලබාදීමට හැකි බවයි.
ඒ අනුව මෙම පියා විසින් තම ආබාධිත දරුවාගේ ඡායාරූපයන්ද සහිතව ගුරු මාරු ඉල්ලුම්පතක්‌ද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.
තවද මේ ගැටලුව ජනාධිපතිතුමාට යොමු කිරීමෙන් පසු, ජනාධිපති ලේකම් කාර්යාලය මගින් 2013 ජුනි 07 දින සී. එස්. / 1/22/37 (7) 264843 දරන ලිපිය එවා ඇතත් ඉන්ද එයට විසඳුමක් ලැබී නැත.
කෙසේ හෝ වේවා මෙම අහිංසක ආබාධිත දරුවාට අධ්‍යාපනයක් ලබාදීමට හැකිව ඇති විදුහල්පතිවරුන් එය නොතකා හැරීම ගැනද, නැතහොත් මෙම දරුවාගේ පියාට ස්‌ථාන මාරුවීමක් ලබාදී අවශ්‍ය පහසුකම් නොසැපයීම ගැන අදාළ අධ්‍යාපන නිලධාරීන් වෙතද යොමු වන්නේ ජනතා අප්‍රසාදයකි.
එම නිසා මේ ගැන ජනාධිපතිතුමාගේ, අධ්‍යාපන ඇමැතිතුමාගේ, දකුණු පළාත් අධ්‍යාපන ඇමැතිතුමාගේ අවධානය යොමුවී විසඳුමක් ලැබෙන තුරු ඔවුහු බලා සිටිති.