මාතර - ගන්දර ප‍්‍රදේශයෙන් වාර්තා වූ එකම පවුලේ තුන්දෙනෙකුගේ මරණ දිවි නසා
ගැනීමක් බව තහවුරු වී ඇතැයි පොලීසිය පවසනවා.
පිරිමි දරුවා සහ නව හැවිරිදි දියණිය බාල්කයක එල්ලා ඇය ද ගෙල වැළලාගෙන සියදිවි හානි කරගෙන ඇති බව ගන්දර පොලිසිය සැකකරයි.
ඊයේ (15) සවස 5ග50ත් 6 ත් අතර මෙම සිදුවීම සිදුවී ඇති අතර ගන්දර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි’ මියගොස් ඇත්තේ ගන්දර, කපුගම “සිරමැදුර” නිවසේ පදිංචිව සිටි චම්මි කළුතොට (අවු. 29), ටී. කේ. චමීෂා අමින්දි (අවු. 9), චවිෂාන් රශ්මික (අවු. 7) යන තිදෙනාය. දරුවන් දෙදෙනා තල්පාවිල මිහිදු ආදර්ශ විදුහලේ අධ්‍යාපනය ලබා ඇත. මෙම කාන්තාවගේ සැමියා පසුගිය ජූනි මාසයේ සිට වෙනත් කාන්තාවක් සමග සම්බන්ධතා පැවැත්වීම හා ඇය සමග ජීවත් වීම හේතුවෙන් ඒ පිළිබඳව කලකිරී සිය දරුවන් ද මරා ඇය සියදිවි නාසාගන්නට ඇතැයි සැක කරන බව ගන්දර පොලිසිය පවසයි.
උදය සුපරුදු ලෙස මම කපුගම ප්‍රදේශයේ කඹ අඹරන කම්හලේ වැඩට ගියා. හවස 5.30ට ගෙදර ඇවිත් දුවයි, ළමයිනුයි කෝ කියලා බැලුවා. ඉස්සරහ කාමරේ ඔවුන් එල්ලී සිටියා යැයි දිවි නසාගත් කාන්තාවගේ මව කියා සිටියාය.
ධීවරයන් බලයන් නමැති මත්ස්‍යන් ඇල්ලීමට භාවිතා කරන තංගුස් ලනුවක් භාවිතා කරගෙන සිය දිවි නසාගෙන ඇතැයි ගන්දර පොලිසියකියයි.මෙම කාන්තාවගේ සැමියා ඇය සහ දරුවන් දෙදෙනා හැර ගිය පසු ඇය කපුගම මවගේ නිවසට පැමිණ ඇත. ඔවුන් කලින් පදිංචිව සිට ඇත්තේ ද කපුගම ප්‍රදේශයේම වෙනත් නිවසකයි. ඇගේ සැමියා ත්‍රිරෝද රථ රියදුරෙකි. ඇය මවගේ නිවසට පැමිණි පසු ඇයට වෙනත් විවාහ යෝජනාවක් ඉදිරිපත්ව තිබි ඇති අතර ඊට ඇගේ වැඩිමහල් සොහොයුරන් විරුද්ධත්වය පළ කර ඇත. මියගිය කාන්තාව සහ දරුවන් දෙදෙනා රැක බලා ගෙන ඇත්තේ ඇගේ මව සහ වැඩිමහල් සොහොයුරා විසිනි. මියගිය තිදෙනාගේ මරණ සම්බන්ධ මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර වැඩ බලන මහෙස්ත්‍රාත් නීතිඥ ෂර්ලි ජයවීර මහතා විසින් සිදු කළේය.
ගන්දර නිවසක තිබී හමුවූ මවගේ සහ දරු දෙදෙනාගේ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය මාතර මහරෝහලේදී සිදුකෙරුණා. ඒ අනුව මව, දරු දෙදෙනාත් සමඟ සිය දිවි හානි කරගෙන ඇති බවටයි මාතර විශේෂඥ අධිකරණ වෛද්‍ය ඞී.ඞී. සමරවීර විසින් සිදුකළ මරණ පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ.