නුගේගොඩ ශාන්ත ජෝශප් විදුහලේ උසස් පෙළ ආර්ථික
විද්‍යාව වසර පහක් තිස්සේ උගැන් වූ පුද්ගලයෙක් (18දා) කොළඹ වංචා විමර්ෂණ
අංශය මගින් අත්අඩංගුවට ගත්තේය. ව්‍යාජ උපාධි සහතිකයක් ඉදිරිපත් කොට මොහු
මෙම පත්වීම ලබාගෙන තිබෙන බව පරීක්ෂණවලදී සොයා ගෙන තිබේ. කැළණිය විශ්ව
විද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව සඳහා ගෞරව උපාධියක් ලබාගත් බව සඳහන් කරමින්
මෙම ව්‍යාජ උපාධි සහතිකය මොහු විසින් පිළියෙල කර ගෙන තිබේ.කොළඹ වංචා
විමර්ෂණ අංශය මගින් සිදුකළ පරීක්ෂණවලදී
අනාවරණය වී ඇත්තේ මෙම සැකකරු අධ්‍යාපන උසස් පෙළ විභාග උත්තර පත්‍ර
පරීක්ෂකවරයකු ලෙස ද කටයුතු කර ඇති බවකි. ඒ වගේම මෙම පුද්ගලයා පාසලට
ඉදිරිපත් කළ උපාධි සහතිකය 2008 වසරේදී පාසල විසින් අදාළ ආයතන වෙත යවා
පරීක්ෂා කර තිබේ. එම ආයතන මෙම සහතිකය සත්‍ය එකක් බවට නිර්දේශ කර එවා තිබීම
වංචා විමර්ෂණ නිලධාරින්ගේ පුදුමයට හේතුවක් වී ඇත.
කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවද මොහු විභාග අසමත් වී තිබේ.පසුව නීතිඥවරියක් සමගවිවාහ වී ඇත. ටික කාලයකට පසු දෙදෙනා අතරේ නොහොඳ නෝක්කඩු හටගෙන ඇති අතර නීතිඥවරිය සැමියාගෙන් දික්කසාද වීමට තීරණය කර තිබේ. එහෙත් ඊට අවසරය සැමියාගෙන් ලැබී නැත.
කොළඹ වංචා විමර්ෂණ අංශයට හොර උපාධිය සහ එම උපාධිය හරහා ලබාගෙන තිබෙන ගුරු පත්වීම සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇත්තේ මෙම නීතිඥවරිය හරහා බව වාර්ථා වේ. 46 හැවිරිදි මෙම සැකරුවා ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. ගුරුවරයකු ලෙස අඟවමින් ආණ්ඩුවෙන් වැටුප් ලැබීම වංචාවක් බැවින් ඊට විරුද්ධව නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසීය.