ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රේගුවට අසු වූ හෙරොයින් කිලෝ 262 කිලෝ 131ක් වුණ හැටි කියන්න දන්නේ නැහැ- රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී

රේගුව විසින් අත්අඩංගුවට ගෙන බර මැන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාර දුන් හෙරොයින් කිලෝ 262 ක ප්‍රමාණයක් රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණයෙන් පසු කිලෝ ග්‍රෑම් 131 යි ග්‍රෑම් 148 ක් දක්වා බර අඩු වීමට හේතු කියන්න රේගුව නොදන්නා බව ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා ප්‍රකාශ කළේය.

මෙම සිද්ධිය පිළිබඳ රටේ ඇති වී තිබෙන ආන්දෝලනය සුළුපටු නොවේ. එවැනි ආන්දෝලනයක් හට ගන්නට ප්‍රධාන හේතුව වූයේ හෙරොයින් කුඩු තොගයට රටේ අගමැතිවරයාගේ නම ද සම්බන්ධ වීමයි. අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන කීර්ති ශ්‍රී වීරසිංහ නැමැත්තා මෙම කුඩු තොගය බහාලූ කන්ටේනරය රේගුවෙන් මුදා හරින ලෙස නියෝග කරමින් රේගුවේ වගකිවයුතු අංශ වෙත ලිපියක් නිකුත් කර තිබේ. ඒ අග්‍රාමාත්‍යවරයා ගේ ලිපි ශීර්ෂයක් හරහා ය.
මෙම කුඩු කන්ටේනරය රේගුවේ රඳවා තබා තිබූ කාලය වෙනුවෙන් ගෙවන ගුදම් ගාස්තු, ප්‍රමාද ගාස්තුව සහ වැට් බදු මුදල් අඩු කරන ලෙස කියමින් කීර්ති ශ්‍රී වීරසිංහ නැමැත්තා මෙම ලිපිය රේගුව වෙත යවා ඇත. ඊට අත්සන් තබා ඇත්තේ අගමැතිවරයා යැයි පැවසේ. අදාල කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් සමාජය තුළ ප්‍රශ්න රැසක් මේ වන විට හට ගෙන තිබේ. ඒ පිළිබඳ පිළිතුරු සපයන ලෙස අප මුලින්ම ඉල්ලා සිටියේ රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතාගෙනි.

ප්‍රශ්නය -: ආසියාවේ ලොකුම කුඩු තොගය මුදා හරින්න රේගුවට නියෝග කළ පුද්ගලයා තවම නිදැල්ලේ. ඒ ඔහු අගමැති සම්බන්ධිකරණ ලේකම්වරයා ‍වීම නිසාද?
පිළිතුරු -: ඒ අදහස වැරැදියි. සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා.
ප්‍රශ්නය -: නමුත් ජනතාව එහෙම හිතනවා. වෙනත් නීති විරෝධී සිදුවීම්වල දී රේගුව මීට වඩා දැඩි ලෙස, වේගයෙන් ක්‍රියාත්මක වන ආකාරයක් ජනතවට පෙනෙන නිසා. ඒ ඇයි?
පිළිතුර -: ඒක ඇත්ත, කටුනායක ගුවන්තොටු පොළේදී හෝ වරායේ දී හෙරොයින් නොවන නීති විරෝධි භාණ්ඩ අත්අඩංගුවට ගත් අවස්ථාවල දී එම පරීක්ෂණ නිමා වෙනතුරු රේගුව දිගමට ක්‍රියාත්මක වෙනවා. නමුත් මත් ද්‍රව්‍ය ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයයි. මේ හෙරොයින් කන්ටේනරයත් ඔවුන්ට භාර දුන්නා. ඉදිරි පරීක්ෂණ පවත්වන්න.
ප්‍රශ්නය -: මෙය සමාජයේ ආන්දෝලනාත්මක සිද්ධියක්. අගමැතිගේ නම ගෑවෙන නිසා රේගුව ලිස්සා ගිය බවත් ජනතාව සිතනවා.
පිළිතුර -: සම්පූර්ණයෙන්ම වැරැදියි. සිද්ධියට අදාළ කුඩු කන්ටේනරය පිළිබඳ සම්පූර්ණ වාර්තා පිළියෙල කළා. රේගුවේ මූලික විමර්ෂණ අවසන් කොට වැඩිදුර විමර්ෂණ සිදු කිරීම රහස් පොලිසියට භාර කළා. මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඉන් එහාට විමර්ෂණ සිදු කරන්න රේගුවට අවශ්‍යතාවක් නැහැ. නමුත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින්ට ඉදිරියටත් අවශ්‍ය සහය දෙනවා. අගමැතිගේ ලිපි ශීර්ෂයේ අඩංගු නියෝග රේගුවට අදාළ නැහැ.
ප්‍රශ්නය -: අදාළ කුඩු තොගය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන් ආකාරය පැහැදිළි කරන්න පුළුවන්ද?
පිළිතුර -: මෙම කන්ටේනරය පමණක් නොවෙයි, වරායට ගොඩ බාන සියලුම කන්ටේනර විවෘත කරන්නේ එහි හිමිකරු හෝ බලයලත් නියෝජිතවරයෙක් ඉදිරිපිට දී. එතැනදී හිමිකරු ‍හෝ බලයලත් නියෝජිතයා පිළිගන්නවා කන්ටේනරයේ තිබෙන භාණ්ඩ තමන්ගේ බවට.
ප්‍රශ්නය -: කුඩු කන්ටේනරයේ සැකකරු ඉදිරිපත් වුණාද?
පිළිතුර -: කුඩු කන්ටේනරයේ තිබූ හෙරොයින් සාම්පල් ගත්තේ සැකකරු ඉදිරිපිටදී. ඉන්පසු කන්ටේනරයට සීල් තැබුවා. සැකකරුගේ වම් අතේ මහපට ඇඟිල්ලේ සළකුණ කන්ටේනරයේ මුද්‍රාවට සහ සාම්පල්වලටත් යෙදුවා. මේ සියල්ල වුණේ රේගු, පොලිස් මත්ද්‍රව්‍ය නිලධාරින් සහ සැකකරුවන් යන සියලු දෙනා ගේ ඇස් ඉදිරිපිට. ඊට පසු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට සියල්ල භාර දුන්නා.
ප්‍රශ්නය -: රේගුව කුඩු කිලෝ ග්‍රෑම් කොපමණක් අත්අඩංගුවට ගත්තාද?
පිළිතුර -: කිලෝ ග්‍රෑම් 262 ක් පමණ.
ප්‍රශ්නය -: එය රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ දී කිලෝ ග්‍රෑම් 131 යි ග්‍රෑම් 148 දක්වා අඩු වීම රේගුවට ප්‍රශ්නයක් නෙවෙයි ද?
පිළිතුර -: රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර තිබෙන්නේ හෙරොයින් තොගයේ ශුද්ධ බර.
ප්‍රශ්නය -: එයින් අදහස් වෙන්නේ ඔබලාගේ මිණුම් ක්‍රමයේ වරදක් ද? රස පරීක්ෂක වාර්ථාවට වඩා හෙරොයින් කිලෝ ග්‍රෑම් 121 ක් ඔබලාගේ මිණුම් ක්‍රමයේ දී වැඩි වුණේ කොහොමද?
පිළිතුර -: මෙම හෙරොයින් තොගය අප සොයා ගත්තේ ග්‍රීස් ටින් ඇතුලේ බහා තිබියදී. හෙරොයින් සමග තවත් අපද්‍රව්‍ය තිබෙන්න ඇති. රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ සාම්පල් හෙරොයින් බවට තහවුරු වීමෙන් පසු මුද්‍රා තබා ‍මුළු හෙරොයින් තොගය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාර දුන්නා. ඔවුන් එය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබාගත් ශුද්ධ බර ප්‍රමාණයයි ඒ.
ප්‍රශ්නය -: ඔබේ පැත්තෙන් ඔය කතාව කියනවා. නමුත් ඔය පිළිතුර ජනතාව පිළිගනීවිද?
පිළිතුර -: රේගුව දන්නා දේ තමයි ‍මම පැවසුවේ. තවත් විස්තර අවශ්‍ය නම් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ හෝ රස පරීක්ෂක දෙපාර්තමේන්තු නිලධාරින්ගෙන් අසා දැන ගන්නට පුළුවනි.
ප්‍රශ්නය -: හෙරොයින් ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 121 න් අඩුවීම රේගුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය අඩුවීමට හේතුවක් නේද?
පිළිතුර -: නැහැ. අපි කිසිම වේලාවක අඩු ප්‍රමාණයක් වැඩි කර දක්වන්නේ නැහැ. එහෙම කරන්නත් බැහැ. මන්ද ඒවායේ හිමිකරුවන් හෝ නියෝජිතයින් ඉදිරිපිට දී සෙයා ගැනීම්, මිනුම් කිරුම් ප්‍රශ්න කිරීම් සියල්ල සිදුවන නිසා.
ප්‍රශ්නය -: එහෙම නම් මෙපමණ ප්‍රමාණයක් අඩු වුණේ කොහොමද?
පිළිතුර -: මම දන්නේ නැහැ. පොලිස් මත්ද්‍රව්‍ය හා රස පරික්ෂක යන අංශවලින් විමසා දැන ගන්න. ‍
හෙරොයින් කන්ටේනරයට පනවා තිබෙන ගාස්තු හා බදු මුදල් අඩු කරන ලෙස කියමින් ලිපියක් දුන් අගමැතිගේ සම්බන්ධිකරණ ලේකම් කීර්ති ශ්‍රී විජේසිංහ නැමැත්තා අත්අඩංගුවට ගැනීම පමා වීම හා අගමැතිවරයා ඒ සඳහා පොලිසියට උපදෙස් නොදීම හේතුවෙන් අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතාද සියද්ධියේ සැකකරුවෙක් වී ඇතැයි ජාතික හෙළ උරුමයේ නියෝජ්‍ය ලේකම් උදය ගම්මන්පිල මහතා පවසයි.
එම ලේකම්වරයා නීතියට කොටුකර නොදෙන්නේ ඔහු නිවැරැදිකරු යැයි අගමැතිවරයා විශ්වාස කරන නිසා විය හැකියි. මන්ද මෙම සැකකරුවා පොලිසියට කට උත්තරයක් දී තිබෙනවා. අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත කුඩු කන්ටේනරයට අදාල ලිපිය රේගුවට යොමු කළ බවට. එසේ නම් අගමැතිවරයා කුඩු ජාවාරමට සම්බන්ධයි. ඔහු වහා සිය තනතුරින් ඉල්ලා අස්විය යුතු සේම පොලිසිය විසින් අගමැතිවරයා අත්අඩංගුවට ගත යුතුය.
වැඩිදුරටත් උදය ගම්මන්පිල මහතා මෙසේ කියයි. පොලිසිය විසින් පරීක්ෂණ සිදු කිරීමේදී කුඩු කන්ටේනරයේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙක් හඳුනා ගෙන ඇත.   ඔහුගේ ජංගම දුරකථනයේ පටිගත කළ වීඩියෝ පටයේ පිළිමතලාවේ පිහිටි ඔහුගේ නිවසේ පවුලේ අයත් සමග අගමැති දී.මූ. ජයරත්න මහතා ආහාර ගන්නා දර්ශන අඩංගු වී තිබේ.
අග්‍රාමාත්‍ය දී.මූ.ජයරත්න මහතා පසුගියදා මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පවසා සිටියේ රට පුරා ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ අත්සනින් ලිපි නිකුත් කරන බවයි. එම ලිපි සැකසීමට ලේකම්වරුන් පත්කර සිටින බවයි. මෙම සිද්ධියෙන් පසු ලේකම්වරුන් හරහා ජනතාවට ලිපි ලබා දීම වහා අත්හිටවූ බවත් අගමැතිවරයා පැවසුවේය.පෙර පුවත් මෙතනින් බලන්න
අනුර හොරේෂස්

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්