ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

පාසල මගහැර පෙම්වතා සමග පෙම්සුව විදීම සඳහා යෑමට උත්සාහ දැරූ පාසල් සිසුවියක් සහ පෙම්වතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත පිටුපස පිහිටි අතුරු මාර්ගයකට පැමිණි මෙම පාසල් සිසුවිය අඟහරුවාදා (03) උදෑසන පෙම්වතා පැමිණෙනතුරු බලා සිටියදී මෙසේ පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
අතුරුමාර්ගයේ නවතා තිබූ ත්‍රීරෝද රථවල රියදුරන් මාර්ගයේ රැදී නොසිට පාසල් යන ලෙස පවසමින් ඇයට උපදෙස් දී ඇතත් ඇය එම උපදෙස් ගණනකට නොගෙන එම ස්ථානයේම රැදී සිට ඇත. අනුරාධපුර ප්‍රධාන පෙළේ බාලිකා විදුහලක ඉගෙනුම ලබන මෙම සිසුවිය විදුහලේ ටයිපටියද පැළදගෙන සිටි බව පැවසේ. ටික වේලාවකට පසුව සිසුවිය ඒ ආසන්නයේ වූ පෞද්ගලික ආයතනයකට ගොස් සුදු ගවුම ගලවා නිවසින් රැගෙන ආ ඇඳුම ඇද ගැනීමට අවසර ඉල්ලා ඇතත් එම ස්ථානයේ රාජකාරියේ සිටි නිලධාරියෙකු ඇයට පාසල් යන සේ දැඩි ලෙස අවවාද කර ඇත. එම අවස්ථාවේ අදාල පාසල්සිසුවියගේ පෙම්වතා පැමිණ ඇය කැටුව යෑමට උත්සාහ කරද්දී එම ස්ථානයට පැමිණ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් දෙදෙනා පොලිස් භාරයට ගෙන මූලස්ථාන පොලිසිය වෙත රැගෙන ගොස් තිබේ.
නිවසේ සිට පාසල් එන අවස්ථාවේ පොත් බෑගයේ තවත් පාට ඇඳුමක්ද බාහාගෙන ගෙනවිත් තිබූ බව පොලිසිය පවසයි. ඉන් අනතුරුව දෙමාපියන් මූලස්ථාන පොලිසිය වෙත කැඳවා දෙපාර්ශවයටම අවවාද කිරීමෙන් අනතුරුව මුදා හැරිය බවද අනුරාධපුර මූලස්ථාන පොලිස්සියේ උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්