හේතුව මොළයේ නහරයක් පිපිරී අධික රුධිර වහනය වීමයි
සුළු අපනයන භෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ දියණියගේ මරණයට හේතුව මොළයේ නහරයක් පිපිරීමෙන් මොළයට අධික රුධිරය වහනය වීම නිසා බව කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා ඊයේ (03 වැනිදා) නිගමනය කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ කළුතර, නාගොඩ, පැරණි ගුවන්තොටුපළ පාරේ පදිංචිව සිටි මුදිතා සංජීවනී කුරේ (36) නමැති කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි.
කොළඹ නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා හමුවේ පැවැති මෙම මරණ පරීක්‍ෂණයේදී සාක්‌ෂි දුන් මියගිය කථිකාචාර්යවරියගේ සැමියා වන ශානක ඇන්ටන් ජෙරොම් සීමන්ස් (42) යන අය මෙසේ පැවැසීය.
"මියගොස් සිටින්නේ මගේ බිරිඳ. අපි විවාහ වෙලා අවුරුදු 11 ක් වෙනවා. විවාහයෙන් අපට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. බිරිඳ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ලෙස සේවය කළා. බිරිඳට කිසිම අසනීපයක් තිබුණේ නැහැ. ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටියා. ඇය 2013/10/30 වැනිදා උදේ 6.30 ට විතර ගෙදරින් පිටත්වුණා. ඇගේ මෝටර් රථයෙන් ගියේ. ඈ කැලණිය විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන උත්සවයකට සහභාගිවීමටයි ගියේ."
"උදේ 8.30ට විතර ඇය මට දුරකථන පණිවුඩයක් දුන්නා. ඇගේ සපත්තුව කැඩුණු බවත්, කරදරයක් නැතුව ආ බවත් ඈ කිව්වා. ඇගේ ෆෝන් න් එකට රීලෝඩ් එකක් එවන්න කියලත් කිව්වා."
"උදේ 11.00 විතර කවුදෝ කෙනෙක් මට කෝල් එකක් දීලා කිව්වා බිරිඳට සිහිය නැතිවී කිරිබත්ගොඩ රෝහලට අරන් ගියා කියලා. එම රෝහලින් රාගම රෝහලට රැගෙන ගිය බවත් කිව්වා. පසුව මා රාගම රෝහලට ගියා. මා එහි යනවිට බිරිඳගේ පියාද රෝහලට පැමිණ සිටියා. බිරිඳව රාගම රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කළා."
"බිරිඳව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා. සැත්කමක් කළේ නැහැ. ඇය දිගටම සිහිය නැතිව හිටියා. දොස්‌තර මහත්තයා කිව්වා බිරිඳ ඉතා අසාධ්‍ය තත්ත්වයෙන් ඉන්නේ කියලා. අද උදේ බිරිඳ මොළයේ නහරයක් පිපිරීමෙන් මියගොස් ඇති බව කිව්වා."
කිරිබත්ගොඩ පොලිසියේ පොලිස් කොස්‌තාපල් තිලකරත්න (75912) සහ මරදාන පොලිසියේ පොලිස් සැරයන් ලාල් පතිරණ (27689), යන නිලධාරීහු මෙහිදී සාක්‌ෂි මෙහෙයවූහ.