ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සාහා හඩිඩ් මේ වන විට ලෝකයේ සිටින ප්‍රකටම ගෘහ නිර්මාණ ශිල්පිනියයි. ලොව වටා ප්‍රසිද්ධ ගොඩනැගිලි විශාල ගණනක් ඉදි වූයේ ඇගේ හිතේ ඇඳුණු නිර්මාණශීලී අදහස්වලට අනුව ය. එහෙයින් ම 2022 වසරේදී කටාර් රාජ්‍යයේ පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු ශූරතාවලිය වෙනුවෙන් ඉදිවන එක් කී‍්‍රඩාංගණයක් නිර්මාණය කිරීමට භාර වූයේත් ඇයට ය. මේ ගෘහස්ත කී‍්‍රඩාංගණය සඳහා ඈත අතීතයේ සිට ම කටාර් හි වැසියන් මුහුදේ යාත්‍රා කරන්නට භාවිතයට ගන්නා ‘ඩව්’ බෝට්ටුවේ ති‍්‍රකෝණාකාර රුවලේ හැඩය යොදා ගැනීමට සාහා කල්පනා කළා ය. ඒ, තමන් නිර්මාණය කරන හැම ගොඩනැගිල්ලකට ම අමුතු අදහසක් එක් කිරීම ඇගේ පුරුද්ද වූ නිසා ය. ඒ අනුව යමින් පසුගිය දා ඇය ඉදිරිපත් කළ යෝජිත ආකෘතියට ලෝක පාපන්දු සංගමයේ ද අනුමැතිය ලැබිණි. එහෙත්, ඇගේ නිර්මාණය අන්තර්ජාලය හරහා ප්‍රකට වීමත් සමඟ සාහාට මුහුණ දෙන්නට සිදුවූයේ නොසිතූ විරූ අකරතැබ්බයකට ය. සාහා නිර්මාණය කළ යෝජිත කී‍්‍රඩාංගණයේ හැඩය ස්තී‍්‍ර ලිංගික අවයවයක හැඩය ලෙස සමහරුන්ට පෙනීම නිසා දැන් මහත් ආන්දෝලනයක් හටගෙන අවසාන ය.
අන්තර්ජාලයේ ට්විටර් වැනි සමාජ වෙබ් අඩවි හරහා ඇතැම් අය ඒ ගැන උපහාස හා විවේචන එල්ල කරමින් සිටිති. ඇතැම් ජනමාධ්‍ය මගින් ද කටාර්හි අල් වක්රා කී‍්‍රඩාංගණය ස්ත්‍රී අවයවයක හැඩය ගන්නා බව කියමින් ඊට ‘vagina stadium’ යන නම පටබැඳ තිබේ.

තමන්ගේ නිර්මාණයට එල්ල වන මෙවැනි විවේචන නිසා දැන් සාහාගේ ඉවසීමේ සීමාව ද පැන ඇති සෙයකි. “මේ වගේ බහුබූත කතා නිසා මං හරිම අපහසුතාවට පත් වෙලා ඉන්නේ” ඇය කියන්නීය. “මොනවද මේගොල්ලො මේ කියන කතා? ඒවා හරිම විහිළු කතා. ඒ ගොල්ලන්ට ඔය හැඩයේ හැම දේම පේන්නෙ ඒ විදිහට ද? ” සාහා එසේ කියා ඇත්තේ වේදනාවෙන් වෙන්නට ඇත.
ඇගේ වේදනාව සාධාරණ ය. ඒ, ඇය ලෝකයේ කොතැනක පය තැබුවත් විශිෂ්ට නිර්මාණයක් කිරීමට වෙහෙස මහන්සි වන සම්මානනීය ගොඩනැගිලි නිර්මාණ ශිල්පිනියක වීම නිසා ය. 2010 වසරේදී ටයිම් සගරාව මගින් තේරූ ලෝකයට බලපෑමක් ඇති කළ හැකි විශිෂ්ටතම පුද්ගලයන් 100 දෙනා අතරට ද ඇය එක්වූවා ය.
1950 වසරේ ඉරාකයේ බැග්ඩෑඩ් නුවර ඉපදුණු සාහා මොහොමඩ් හඩිඩ් ගෘහ නිර්මාණ ශිල්පය හදාරන්නේ ලන්ඩන් නුවරදීය. 1980 ගණන් වන විට ඇයට ලන්ඩන් නුවර වෘත්තීය ගෘහ නිර්මාණ ශිල්පිනියක ලෙස ස්ථාවර වන්නට හැකියාව ලැබිණි.
ලොව වටා විශ්වවිද්‍යාල ගණනාවක කථිකාචාර්යවරියක ලෙස සේවය කිරීමට පටන් ගන්නා සාහා අමෙරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඔස්ටි‍්‍රයාව, ඩෙන්මාර්කය, ස්පාඤ්ඤය ආදී රටවල් ගණනාවක සුප්‍රකට ගොඩනැගිලි නිර්මාණය කර තිබේ.
ඇයගේ නිර්මාණවලට හැමදාමත් පැසසුම් ලැබුණේ ඒවා හැමෙකක්ම එකිනෙකට වෙනස් අමුතුම හැඩයක් ගත් නිසා ය. 2011 වසරේදී විවෘත වූ බ්‍රිතාන්‍යයේ බ්‍රික්ස්ටන් හි එව්ලින් ග්‍රේස් ඇකඩමි ගොඩනැගිල්ල ඉන් එකකි. මේ ගොඩනැගිල්ල ඉදි කිරීමේදී මූලික අවශ්‍යතාව වූයේ කුඩා පාසල් හතරක් එක ස්ථානයක ඉදි කිරීමයි.
එහෙත්, එය කළ යුතු වූයේ අක්කර එක හමාරක් වැනි ඉඩක් ඇතුළත ය. සාහා එම අභියෝගය භාර ගනිමින් ඉංගී‍්‍රසි Z අකුරක හැඩයෙන් එම ගොඩනැගිල්ලේ ආකෘතිය නිර්මාණය කළා ය. ඒ අමුතු ඉස්කෝලයේ අමුතු පන්ති කාමර හොද වාතාශ්‍රයක් සහිත ය. නැවුම් හිරු එළියෙන් ආලෝකය ලබා ගත හැකිය.
ඒ මදිවාට ගොඩනැගිල්ල හරි මැදින් දිවෙන මීටර් සියයේ ධාවන පථයක් පවා එහි තිබේ. එහෙයින් මලල කී‍්‍රඩාවල යෙදෙන ළමයින්ට වෙනම සෙල්ලම් පිටියක් සදහා ඉඩ ඕනෑ වී නැත. සාහාගේ මේ හරි පුදුම ඉස්කෝලය වෙනුවෙන් 2011 වසරේදී යුරෝපා සංගමයට අයත් රටවල විශිෂ්ටතම ගොඩනැගිලි නිර්මාණයට හිමි ස්ටර්ලින් ත්‍යාගය ද හිමි විය.
සාහා හඩිඩ් 2022 පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු ශූරතාවය සදහා හරි පුදුම කී‍්‍රඩාංගණයක් නිර්මාණය කරන්නට පිටියට බැස්සේ ද මෙවැනි විශේෂ දෙයක් කරන්නට සිතාගෙන ය.
මේ කී‍්‍රඩාංගණය සැලසුම් කළ යුතු වූයේ ප්‍රේක්ෂකයන් 40,000කට ඉඩකඩ තිබෙන පරිදි ය. අනෙක් කාරණය වූයේ තරගාවලිය පැවැත්වෙන කාලසීමාව ඇතුළත කටාර්හි සෙල්සියස් අංශක 50ක් තරම් ඉහළට නගින උෂ්ණත්වය පාලනය වන පරිද්දෙන් මෙහි ආකෘතිය නිර්මාණය කළ යුතු වීම ය.
මේ සියලු කාරණා සලකා බැලූ විට අනාදිමත් කාලයක සිට මුතු කිමිදීමේ යෙදෙන ධීවරයන් පාවිච්චි කළ ඩව් බෝට්ටුවේ රුවලේ හැඩය කී‍්‍රඩාංගණයේ ආකෘතිය සදහා සුදුසු බව සාහාට සිතිණි.
ගෘහස්ථ කී‍්‍රඩාංගණයේ ඉදිකිරීම් කටයුතු භාරව සිටින Aecom සමාගම කියන්නේ සාහාගේ නිර්මාණය කටාර් රාජ්‍යයේ සම්ප්‍රදායික අතීතයත්, එරට අනාගතයට ගමන් කරන ප්‍රගතිශීලි දැක්මත් නියමාකාරයෙන්ම එක්වූ සංකේතයක් බවයි.
“කී‍්‍රඩාංගණය ඉදි කිරීමට පරිසර හිතකාමී ද්‍රව්‍යය සහ ක්‍රම යොදා ගන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාපන්දු කී‍්‍රඩාවට සරිලන පරිදි අභ්‍යයන්තරයේ උණුසුම අඩුකර වායු සමනය කරන්නත් කටයුතු කරනවා” වසර 2018 වන විට මේ කී‍්‍රඩාංගණයේ ඉදිකිරීම් නිම කිරීමට බලාපොරොත්තු වන ඔවුහු කියති.
එහෙත්, මොකක්දෝ අවාසනාවකට කුණු හිතේ තියාගෙන ඒ දෙස බැලූ අයට සාහාට පෙන්නන්නට ඕනෑ වූ බෝට්ටු රුවලේ හැඩය ඔළුවට ආවේ නැත. ගිනි සැරේට අන්තර්ජාලය හරහා එය ගලා යාම නිසා තත්ත්වය වඩාත් අවුල් විය.
සාහා කියන ආකාරයට මේ සියලූ අපහාස උපහාස එල්ල වන්නේ ඇය ගැහැනියක් වීම නිසාය. “මේ ආකෘතියම පිරිමියෙක් නිර්මාණය කළා නම් කවුරුත් ඔය විදිහෙ දේවල් කියන එකක් නෑ” ඇය කියන්නේ එබැවිනි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්