නිවෙසක වැඩපළ කරමින් සිටින මන්දමානසික තරුණියක වත්ත පහළ ළිඳට ගොස් නාමින් සිටියදී ඇය වෙත ගොස් අතින් අල්ලාගෙන පපුව ප්‍රදේශය අතගාමින් සිටි බව කියන අවුරුදු 80ක පස්දරු පියකු සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි. සැකකරුගේ මෙම ක්‍රියාව නිවෙසේ අය දැක 119 පොලිස් හදිසි ඇමැතුම් ඒකකය ඔස්සේ වැලිගම පොලිසියට පැමිණිලි කර තිබිණි.
වැලිගම වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්‍ෂක ජේ.සී. අලවත්ත මහතාගේ අධීක්‍ෂණයෙන් හා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් ටී.ජී.ඩී. කල්‍යාණි (1187) මෙනෙවියගේ උපදෙස් අනුව වහා එහි ගිය පොලිස් කොස්තාපල් ටී.ඩී.ජී. විජේසිංහ (35240) මහතා විසින් සැකකරු අත්අඩංගුවට ගනුලැබ තිබේ.
තරුණියගේ වයස අවුරුදු 40කි. සැකකරු එම නිවෙස ආසන්නයේ පදිංචි අයෙකි. ඔහු විමසිල්ලෙන් සිට තරුණිය වත්ත පහළ ළිඳට නාන්නට පැමිණි විට ඇය වෙත පැමිණ ඇයගේ ඇඟපත අතගෑම කාලයක සිටම කරගෙන ගොස් ඇති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.
