රුපවාහිනි 'රියලිටි' කලාවට නැවුම් අත්දැකීමක්
එක්කරමින් 'සුපර් ස්ටාර්' සංගීත වැඩසටහන ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයින්ට
හඳුන්වා දුන් 'සිරස' රුපවාහිනියේ අධ්‍යක්ෂ බැස්ටියන්ගමගේ සුසාර දිනාල් ද
සිල්වා ( Bastiangamage Susara Dinal De Silva ) මහතා, එළඹෙන බස්නාහිර
පළාත් සභාවට එක්සත් ජනතා සන්ධානය යටතේ ගම්පහ දිස්ත්‍රීක්කයෙන් තරඟ කිරීමට
නියමිතය.
ඒ සඳහා එකඟත්වය පළකර ඇති සුසාර දිනාල් මහතා,
ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ජා කිරීම සඳහා අද පස්වරුවේදී බැසිල් රාජපක්ෂ හා
ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරුන් හමුවීමට නියමිතව ඇතැයි පැවසේ.
ඒ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල
විමසීමකදී අදහස් දැක්වූ බැසිල් අමාත්‍යවරයාගේ සම්බන්ධිකරණ නිලධාරියකු
පැවසුයේ, සුසර මහතා පළාත් සභාවට ඉදිරිපත් නොවී එකවරම මහ මැතිවරණයට තරඟ
කිරීමට මුලදී කැමැත්ත පළකලද, ඇමතිවරුන් දෙදෙනාගේ බලවත් ඉල්ලීම මත පළාත්
සභාවට තරඟ කිරීමට එකඟත්වය පලකල බවයි.
වයඹට දයාසිරි ඉදිරිපත් කල ලෙසම, බස්නාහිරටද
ජනප්‍රිය 'අලුත් මුණක්' ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය දිනාල් මහතාට පැහැදිලි
කල අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා, සුසාර මහතාගේ දේශපාලන අනාගතය භාරගන්න බවට ද
සහතික වූ බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසිය.
