අවුරුදු 30ක විවාහක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට
ගෙන චෝදනාගාරයේ ඇති සිරමැදිරියේ රඳවා සිටි අවුරුදු 51ක විවාහකයකුට
සිරමැදිරියේ ෙදාර අසලට කතාකොට එක්වරම අතින් ඇද බෙල්ල අල්ලාගෙන කම්මුලට
පහරදුන් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
සැකකරුගේ වයස අවුරුදු 31කි. විවාහකයකු වන ඔහු වැලිගම පොලිස් වසමේ කපුවත්ත, කොන්ගස්දෙණිය පදිංචි අයෙකි.
ඔහුගෙන් කම්මුල් පහර කෑ අය ඔහුගේ මාමා වන අයෙකි.
මාමා මෙම ලිංගික අතවරය කර ඇත්තේ සැකකරුගේ අයියාගේ බිරියටය. අයියාගේ බිරියට අතවර කිරීම නිසා ඇති වූ කෝපයෙන් සැකකරු මෙම පහරදීම කර තිබේ.
සැකකරු සිරමැදිරියේ සිටි අයට පහරදීමත් සමඟ ඒ අසල සිටි පොලිස් සැරයන් පද්මසිරි (58391) මහතා වහා ක්‍රියාත්මක වී ඔහුව සිරමැදිරිය අසලින් ඉවත් කර ඇත.
පසුව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක භද්‍රජි ද එස්. කාලිංග මහතාගේ උපදෙස් හා නියෝග අනුව එහි පැමිණි උප පොලිස් පරීක්‍ෂක ආර්.එම්.ඩී. නිරෝෂන් මහතා සැකකරුට ඔහු කළ වරද කියාදී අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.