ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රූමත් එක් දරු මවක වන ඇය දේවාලයකට ගියේ අංජනමක් බැලීමටය. ඒ, ඇගේ සැමියාගේ ‘හොර වැඩ අල්ලන්න’ සිතා ගෙනය . අවසානයේ සිදුවූයේ මේ කාන්තාවගේ පමණක් නොව දේවාලයේ කපුවාගේද පවුල් ජීවිත අවුල් වීමය.
මේ කතාව ඇසෙන්නේ හොරොව්පතාන ප්‍රදේශයෙනි. තුන් අවුරුදු ප්‍රේමය ඔවුන් ජය ගත්තේ විවාහ වීමෙනි. ඔහුගේ වයස අවුරුදු විසිහතකි . ඇයට විසිපහකි. දෙදෙනාට සුරතල් දියණියකි.
අනුරාධපුර නගරයේ රජයේ ආයතනයක ලිපිකරුවෙකු ලෙස සේවය කරන සැමියා පිළිබඳව, නිවසේ තනිව වෙසෙන බිරිය තුළ සැකය ක් ඉපිද දැන් සෑහෙන කාලයකි. තමාට වඩා ලස්සන, රජයේ රැකියාවක නියුතු කාන්තාවක් සමගින් සැමියා අනියම් සම්බන්ධයක් පවත්වා ගෙන යන බව ඇයට ආරංචි වීම ඊට හේතුවයි.

ඉවසලා ඉවසලා බැරිම තැන බිරිය ඇයගේ මවට මේ ආරංචිය ගැන කියා සිටියේ ඇඬූ කඳුලිනි . මව, දුව කැටුව කහටගස්දිගිලිය පෙදෙසේ ගමක පවත්වා ගෙන යමින් තිබූ දේවාලයකට ගියාය.
හතළිස් හැවිරිදි දේවාල කපුවා ‘අංජනම් දේවිය’ කැඳවූයේ පුද පඬුරු ලද පසුවය . අංජනමේ ‘හනුමන්තා’ පවසා සිටියේ ඇගේ සැමියා අන් ළඳක් සමග හොර රහසේ තවත් දීගයක් කෑමට අර අඳින බවය. “නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරොවෙන් වත් කොටන්න බැරි තරමට පමා වෙන්න එපා”..කපුවා අනතුරු අඟවා සිටියේය . කෙම්මුර හතක් දේවාලයට පැමිණ දෙවියන්ට පොල් ගසා කන්නලව් කිරීමට මවත් දියණියත් එකඟ වූහ .
මව දේවාල මිදුලේ රඳවා දෙයියන්ට කන්නලව් කිරීමට දෙවොල ඇතුළට යන දියණිය බොහෝ තෙහෙට්ටු වී ආපසු එන්නේ පැය භාගයකට පමණ පසුවය. “මෙච්චර පරක්කුව දෙයියන්ගේ තේජස් බැල්ම වැටෙන නිසා වෙන්න ඇති” යැයි මව සිතුවාය.
පස්වැනි කෙම්මුර දිනයේ මේ දෙදෙනා දේවාලයට යන විට සැමියාත්, දේවාල කපුවාගේ බිරියත්, ඇගේ සොහොයුරෙකුත් මග රැකගෙන සිටියහ. තමා දරු තිදෙනෙකුගේ මවක් බැවින් ‘කපු සැමියා’ සමග පවත්වන අනියම් සම්බන්ධය නතර කරන ලෙස ‘කපු බිරිය’ බැගෑපත් වූවාය.
මේ වදන් ඇසීමෙන් කෝපයට පත් සැමියා, කපුවා සමග තහනම් ගසේ ගෙඩි කෑ තම බිරිය බාර ගැනීමට අකමැති විය. කපුවාද ඊට දෙවැනි නොවී ඔහුගේ බිරිය නිවසින් එළවා හැරියේය .
-දිනමිණ

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්