
මේ කදුළු සලන අම්මා වසර 27 ක් ජීවත් වුණේ කැළණිය ධර්මාලෝක කනිෂ්ඨ විද්‍යාලය අසල අඹ, අච්චාරු, වෙරළු, පේර, දිවුල්, ඇඹරැල්ලා පළතුරු පුංචි වෙළදාමක් කරගෙනය. ඇය නමින් රෑපවතීය. 67 වැනි වියේ පසුවන්නීය. පාසල් දරුවන්ට කරුණාවන්ත ආචිචි කෙනෙක් වූ අතර, පාසලට දරුවන් රැගෙන එන මව් පියන්ට අම්මා කෙනෙක් වූවාය.
LTTE කරදර පැවැති අවධියේ පාසල් දරුවනට තර්ජන එල්ල වන විට පාසල් දරුවන්ගේ ආරක්ෂාවට පාසල් අවට විමසිල්ලෙන් සිටි අතර, රෑපාවතී කළ සමාජ මෙහෙවර සුළුපටු නැත. පාසල් ඇරුණු පුංචි දරුවන් රැගෙන යන්න එන මවුපියන්ගේ ප්‍රමාදයට අඩන දරුවන් ළගට ගෙන රැකවරණ දුන්නේද, පාසල් වෑන් රථය මගහැරී අඩන පුංචි දරුවන්ගේ පිහිටට රෑපාවතී තම වෙළදාමට කරන ගමන්ම ඉදිරිපත් වූවාය.
පසුගිය දා පෑලියගොඩ පොලීසියේ පොලිස් නිළධාරීන් පිරිසක් පැමිණ රෑපාවතී අම්මාගේ වෙළෙද තට්ටුවේ තිබූ සියළුම දේ මහ මගට විසිකර, තට්ටුව ද කඩා බිද දමා යන්නට ගියේ ඇයට එම ස්ථානයෙන් ඉවත් වන්නට අණ කරමිනි. එම අවස්ථාවේ රෑපාවතී අම්මා අඩා වැටුණු ආකාරයත් සිදු වී ඇති දෙයත් දුටු බොහෝ දෙනාගේ ඇස්වලට කදුළු උණා ආවේය. මේ අපේම රටේ දුප්පත් අම්මා කෙනෙකුන් වෙනුවෙන් නීතිය කි‍්‍රයාත්මක කෙරෙනා ආකාරයයි.