ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

රියදුරෙකු නොමැතිව දුම්රිය එන්ජිමක් ධාවනය කිරීම නිසා එහි රියදුරාගේ සහ සහයකයාගේ වැඩ තහනම් කිරීමට එරෙහිව දෙමටගොඩ ජල ශක්ති ධාවනාගාරයේ ෂන්ටින් එන්ජින් රියදුරන් ආරම්භ කළ වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. දුම්රිය ෂන්ටින් රියදුරන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් කේ.ඒ. පේ‍්‍රමකුමාර කියා සිටියේ අද (05) පස්වරුවේ දුම්රිය පාලනාධිකාරිය සමග පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගත් බවයි.

මාලිගාවත්ත දුම්රිය අංගනයේ දුම්රිය හැසිරීමට යොදා ගන්නා වසර 50 ක් පමණ පැරණි දුම්රිය එන්ජිමක් රියදුරෙකු නොමැතිව ධාවනය වී තිබුණේ අද අළුයම් කාලයේදීයි. පනගන්වා තිබූ මෙම දුම්රිය එන්ජිම කොළඹ - කොටුව දුම්රියපොල පසුකරමින් වෙරළබඩ දුම්රිය මාර්ගය ඔස්සේ ධාවනය වෙමින් තිබූ අතර, ගල්කිස්ස සහ රත්මලාන දුම්රිය ස්ථාන අතර පිහිටි ප‍්‍රදේශයකදී එය නවතා ගැනීමට දුම්රිය සේවකයින්ට හැකිවුණා.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදුකිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා විසින් ති‍්‍රපුද්ගල කමිටුවක් පත්කළ අතර, දුම්රිය එන්ජිම භාරව සිටි එහි රියදුරාගේ සහ සහයකයාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී බී.ඒ.පී. ආරියරත්න ප‍්‍රකාශ කළේ.

එහෙත් ෂන්ටින් රියදුරන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් කේ.ඒ. පේ‍්‍රමකුමාර පවසන්නේ මෙය දුම්රිය රියදුරාගේ වරදක් නොවන බවයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්