ඉදිරියේ පැවැත්වීමට නියමිත දකුණු පළාත්
සභා මැතිවරණදී එක්සත් ජාතික පක්ෂය යටතේ ගාල්ල දිස්ත්‍රීක්කයට ඉදිරිපත්වීමට
අතිශයින් ජනප්‍රිය නිලියක් වන නදීෂා හේමමාලි තීරණය කර ඇතැයි වාර්තාවේ.
'සිරිකොත' එජාප මුලස්ථාන ආරංචිමාර්ග සඳහන්
කරන පරිදි ඇය අද (19) පෙරවරුවේ එජාප මහ ලේකම් තිස්ස අත්තනායක මහතා හමුවී
ඊට අදාළ ඉල්ලුම් පත්‍රය බාරදී ඇත.
ගාලු දිස්ත්‍රීක්කයේ අම්බලන්ගොඩ ඉපිද,
අම්බලන්ගොඩ ප්‍රජාපති ගෝතමී බාලිකාවෙන් මුලික අධ්‍යනය හදාරා ඇති නදීෂා,
පාරම්පරික එක්සත් ජාතික පවුලක සාමාජිකාවක් වන බවත්, ඇයට හික්කඩුව, රත්ගම,
බලපිටිය, මැටිවල, ඉරුව ආදී ප්‍රදේශයේ පුළුල් ඥාති සම්බන්ධතාවයක් තිබෙන බවත්
'සිරිකොත' නිලධාරියකු අප කල විමසීමකදී පැවසිය.
ඒ අනුව ඇයට අම්බලන්ගොඩ හෝ රත්ගම ආසනයේ සම සංවිධායක ධුරයක් පිරිනැමීමට ද එජාපය තීරණය කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පමණක් නොව, දකුණු ඉන්දීයාවේ ද
ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන නදීෂා, ටෙලි නාට්‍ය හා චිත්‍රපට
නිෂ්පාදිකාවක් ද වේ. ඇය විසින් නිෂ්පාදනය කල 'ඇත්කැඳ ලිහිණි' හොඳම ටෙලි
නාට්‍ය ලෙස සම්මාන ලැබිය.
ජනප්‍රියම නිළිය හා හොඳම නැගී එන නිළිය ලෙසද සම්මාන ලබා ඇති නදීෂා, රාජ්‍ය (කුසලතා) සම්මාන ද දිනාගෙන ඇත.