ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

ප්‍රංශ ජාතික මහ මොළකරු ශ්‍රී ලංකාවෙන් පිටුවහල් 
අත්අඩංගුවට පත් ගෝලයන්ගෙන් තොරතුරු රැසක් එළියට 
සංචාරකයන් ඉලක්ක කොට ජාවාරම සිදු කරලා
“කොකේන්” නමැති මත්ද්‍රව්‍ය මෙරටට ගෙන්වා සංචාරකයන්ට හොර රහසේ අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක යෙදී සිටි බවට සැකකරන සිල්වාන් ලුබ්ලිස් නමැති ප්‍රංශ ජාතික මහා පරිමාණ ජාවාරම්කරුවා ඇතුළු සිවුදෙනකු ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට කොටු වී තිබේ.
සංචාරක වීසාවලින් මෙරටට පැමිණ නීතිවිරෝධී ව්‍යාපාරවල යෙදී සිටින විදේශිකයන් කොටු කරගැනීම සඳහා ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය රට පුරා සිදුකරන මෙහෙයුමේ දී මෙම ජාවාරම්කරුවා කොටුවී තිබේ.
හික්කඩුව ප්‍රදේශයේ නීතිවිරෝධී හෝටල් ව්‍යාපාරයක් කරගෙන යාම සම්බන්ධව මොහු බුද්ධි නිරීක්ෂණ අංශය මඟින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර රටින් පිටුවහල් කර තිබේ. පසුව මොහුගේ ගෝලයන් සිවුදෙනෙකු කොටුකර ගත් පසු හෙළිවී ඇත්තේ හික්කඩුව ප්‍රදේශයට එන දහස් සංඛ්‍යාත සංචාරකයන්ට කොකේන් අලෙවි කරන ජාවාරම්කරුවා මොහු බවයි.

මොහුගේ මෙම ජාවාරමට සම්බන්ධ කල්ලියක්ම සිටී. මොවුන් කණ්ඩායම සංචාරක වීසා හරහා දින දෙක තනකට මෙරටට පැමිණෙන අතර සපත්තු හා වෙනත් සූක්ෂම තැන්වල සඟවාගෙන කොකේන් ගෙන එන බවට තොරතුරු හෙළිවී තිබේ.
මොවුන් ස්කයිප් හරහාද කතාකරමින් ජාවාරම කරගෙන ගොස් ඇත. හික්කඩුව ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින මෙරට ව්‍යාපාරිකයන් පවා මොහුගේ කොකේන් ජාවාරම පිළිබඳ තොරතුරු දැන නොසිටි බව අනාවරණය වී තිබේ.
මොවුන් කොකේන් අලෙවි කර ඇත්තේ විදේශිකයන්ට පමණි. මෙරට පුද්ගලයන්ට අලෙවි කළ‍ෙහාත් පොලිසියට තොරතුරු අනාවරණය වේ යැයි යන බිය නිසා ශ්‍රී ලාංකිකයන්ට කොකේන් අලෙවි කර නැතැයි පැවසේ. මේ ජාවාරම්කරුවා මෙරටින් පිටුවහල් කළ පසු හික්කඩුව ප්‍රදේශයේ දේශීය ව්‍යාපාරිකයෝ රැසක් ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශයට ප්‍රශංසා කර ඇත.
ආගමන විගමන පාලක ජෙනරාල් චූලනන්ද පෙරේරා මහතාගේ උපදෙස් මත ආගමන විගමන බුද්ධි නිරීක්ෂණ අංශය සිදුකළ මෙහෙයුමකදී සැකකරු ඇතුළු කණ්ඩායම කොටුවී ඇත. ගෝලයන් සිවුදෙනා අතර කාන්තාවක්ද වෙයි. මොවුන් ‍ තවමත් රටින් පිටුවහල් කර නැති අතර ඔවුන්ගෙන් ප්‍රශ්න කරගෙන යයි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්