ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සැකකාර සහකාර කොමසාරිස් ළඟ හොර ID 10ක්
දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අස්සන්-මුද්‍රා හොරට‍ ගහලා
සැකකරු දැන් අමාත්‍යාංශයක ලොකු පුටුවක
ඇතුළෙනුත් සහාය ලැබුණාදැයි ජනපති විමර්ශනයෙන් පරීක්ෂණ
 පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සහකාර කොමසාරිස්වරයකු ලෙස කටයුතු කළ අවදියේ ව්‍යාජ දත්ත යොදා හැඳුනුම්පත් සකස් කර දී ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමේ ජාවාරමක නිරත වූ පරිපාලන සේවාවේ ඉහළ නිලධාරියකු ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය මඟින් ඊයේ (29) දහවල් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු දැනට යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ඉහළ තනතුරක් දරයි.
පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සේවය කරන කාලයේ මෙම නිලධාරියා විසින් හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක් දින සේවාව හරහා ව්‍යාජ දත්ත ඇතුළත් කර සැකසූ ව්‍යාජ හැඳුනුම්පත් දහයක් ද ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය මඟින් සොයාගෙන තිබේ.
මොහොමඩ් රාසික් නැමති මෙම නිලධාරියා එම දෙපාර්තමේන්තුවේ සේවය කරන කාලයේ මේ ජාවාරම කරගෙන ගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ අස්සන් රබර් මුද්‍රා ආදියද හොර රහසේ යොදා ගනිමිනි. මොහු විසින් එසේ සකස් කර ඇති හැඳුනුම්පත්වලට අවශ්‍ය උප්පැන්න, ග්‍රාම සේවා අස්සන්, රබර් මුද්‍රා, ලිපිනයන් ඇතුළු බොහෝ කරුණු ව්‍යාජ ඒවා වන අතර ඇතැම් නිවෙස්වල සත්‍ය ලිපිනයන්වලට එහි පදිංචි නැති පුද්ගලයන්ගේ නම් යොදා හැඳුනුම්පත් සකස් කොටදී තිබේ. කොළඹ, අහංගම, මහනුවර, බදුල්ල, ත්‍රිකුණාමලය, කින්නියා සහ මඩකළපුව යන ප්‍රදේශවල පුද්ගලයන්ට හැඳුනුම්පත් සාදා ඇති බව සොයාගත් හැඳුනුම්පත් වලින් අනාවරණය වෙයි.

එක් දින සේවාව හරහා හැඳුනුම්පත් ලබාදීමේදී එම අයදුම් පත්‍රයට පළාතේ දිසාපතිගෙන්ද සහතික කරවාගත යුතු වෙයි. මොහු විසින් සකස් කළ හැඳුනුම්පත් සඳහා වූ අයදුම්පත් අතර එසේ දිසාපතිවරයාත් අත්සන යොදා නැති ඒවාද වෙයි. ‍‍මොහු විසින් ව්‍යාජ තොරතුරු ලවා සකස් කළ හැඳුනුම්පත් හරහා විශාල පිරිසක් විදේශගතවී ඇති බවද හෙළිවී තිබේ. මෙරට සිටින පුද්ගලයකුට හැඳුනුම්පත් සකස් කිරීම සඳහා සහ විදේශගත වන අය සඳහා වශයෙන් එක් හැඳුනුම්පතකට වෙන වෙනම මුදල් අය කර තිබේ.
මොහුගේ ජාවාරමට එම දෙපාර්තමේන්තුවේ තවත් අයගේ සහාය ලැබී ඇතැයි යන සැකය මත ඔවුන් හෙළිකර ගැනීම සඳහාත් පරීක්ෂණ සිදු කෙරේ.
සැකකරු විසින් සකස් කළ ව්‍යාජ හැඳුනුම්පත් දෙකක අනාවරණය කරගත් සියලු තොරතුරු සමඟ සැකකරු ඊයේ කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී සැකකරු ලබන සදුදා (අද ) දක්වා රිමාන්ඩ් ගත කර ඇත.
සොයාගත් සෙසු ව්‍යාජ හැඳුනුම්පත් අට අද දින  සඳුදා (2) පොලිසිය මඟින් එදිනට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ජනාධිපති විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තිලක් ඉද්දමල්ගොඩ මහතාගේ උපදෙස් මත එම කොමිසමේ පොලිස් ඒකකයේ සහකාර පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික කාරියවසම් සැරයන්වරුන් වන 38380 ගම‍ගේ, 2986 දීප්ති, 3987 ප්‍රියන්ත සහ 1828 උපුල් යන නිලධාරීහු පරීක්ෂණ සිදු කර ජාවාරමේ තොරතුරු හෙළි කර සැකකරු අත්අඩංගුවට ගත්හ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්