ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

දරුවන්ට හොදම රැකවරණය ලැබෙන්නේ මව්පියන්ගෙන්. නමුත්, ඇතැම් මව්පියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුකරන ඇතැම් ක්‍රියා දරුවන් අනාරක්ෂිතභාවයට පත් කරනවා. මේ ඊට කදිම නිදසුනක්. මේ දර්ශන පෙළ හිරු ප්‍රේක්ෂකයෙකුගේ කැමරාවේ සටහන් වන්නේ කොළඹ - මීගමුව ප්‍රධාන මාර්ගයේ මීගමුව - 18 කණුව ප්‍රදේශයේදී. සිය දරුවා පාපැදියේ පිටුපස දැල් කූඩුවක් මත දමා ගෙන යන ඔහුගේ පියා සිටින්නේ දැඩි සේ බීමතින්. දරුවා සිටි අනාරක්ෂිත බව සැළකිල්ලට ගෙන 18 කණුව ආරක්ෂක මුර පොළේ සිටි ගුවන් හමුදා නිලධාරීන් මැදිහත් වී පාපැදිකරුගේ ගමන වැළැක්වීමට උත්සාහ ගත්තා. මේ සිද්ධියෙන් පසුව කටුනායක පොලීසිය මැදිහත්වී මේ දරුවා මුහුණදී සිටි අනාරක්ෂිත බවින් මුදාගැනීමට කටයුතු කළා. ඒ වනවිටත් ‍දරුවා සිටියේ දැඩි තැති ගැම්මකට ලක්වයි.මෙම සිදුවීම හිරු ප්‍රේක්ෂකයා විසින්ම ජාතික ළමා රක්ෂණ අධිකාරියට දැනුම් දීමට කටයුතු කර තිබුණා. ඒ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ද ජාතික ළමා රක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතිඥ අනෝමා දිසානායක මහත්මියගෙන් විමසීමක් කළා. ඇය පැවසුවේ මේ සම්බන්ධයෙන් තමන්ට යමක් පැවසිය නොහැකි බවයි. කෙසේ වෙතත්, කටුනායක පොලීසිය මැදිහත්වී පියාට දැඩි සේ අවවාද කොට, ළමයා ඔහු වෙත භාර දී පියවර ගත්තා.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්