ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර නවයක් සම්පූර්ණ වුවද එහි අඳුරු සෙවනැලි තවමත් අප අතරින් වියකී ගොස් නොමැත.  සුනාමි ව්‍යසනයෙන් මරණයට පත් වූවන්ගේ සිරුරු එකසිය තිස් අටක් මේ වන විටත් ගාල්ල කරාපිටිය රෝහලේ සංරක්‍ෂිතව තැන්පත් කර තිබේ.
මෙම මළ සිරුරු හඳුනා ගැනීමට කිසිවෙකුත් මැදිහත් නොවීම හේතුවෙන් මෙම සිරුරුවල කොටස් තවදුරටත් සංරක්‍ෂණය කර තැබීමට රජයට සිදුවී ඇත.
ශරීරවල කොටස් මෙන්ම ඔවුන් හැඳ සිටි ඇඳුම් පැළඳුම් ඔවුන් සතුව තිබු ඇතැම් ද්‍රව්‍යයන් පවා ගාල්ල කරාපිටිය රෝහලේ සංරක්‍ෂිතව ඇති බව  රජය ප‍්‍රකාශ කරයි.

තිස් දහසක ජීවිත බිලි ගනිමින් සහ ලක්‍ෂ සංඛ්‍යාත ජනයාට උන් හිටි තැන් අහිමි කරමින් 2004 දෙසැම්බර් මස විසි හය වෙනිදා පෙරවරු නවයයි විසි හතට ගොඩබිමට ලඟා වූ උදම් රළ පහර රටට කල හානිය පූර්ණ වශයෙන් යථා තත්වයට පත් කිරීමට මෙතෙක් හැකි වී නැත.
නිවාස අහිමි වූවන්ගෙන් තවත් සුළු පිරිසක් නිවාස පහසුකම් නොලැබ ජීවත්වන ආකාරයද දැක ගන්නට හැක.
කෙසේ වෙතත් සුනාමි ව්‍යසනයෙන් සිදු වූ බොහෝ දේ යථා තත්වයට පත් කිරීමට රජය විවිධාකාරයෙන් කටයුතු කර ඇති අතර ඉදිරියේදී යම් ව්‍යසනයක් ඇති වන්නේ නම් ඒ පිළිබඳව කල්වේලා ඇතිව දැන ගැනීමට අවශ්‍යය තාක්‍ෂණික තොරතුරු ජාලයක්ද ස්ථාපනය කර තිබේ.
මෙවර සුනාමි සැමරුම කළුතර දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමටද රජය කටයුතු යොදා ඇත.
අද පෙරවරු නවයයි විසි පහේ සිට විනාඩි දෙකක නිහැඩියාවක යෙදෙමින් මිය ගිය සහ විපතට පත් සියළු දෙනා සිහි කිරීමට එක්වන ලෙස, රජය සමස්ත රට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්