තාත්තත් නැති දරුවාට මොකද මේ
වුණේ! මව වැළපෙමින් කියයි
සිය මෑණියන් සේවා මුරය නිමකර පැමිණෙන තුරු එම සේවාස්‌ථානය ආසන්නයේ ඇති විහාරස්‌ථානයට වී බලා සිටි තවමත් 14 වැනි වියෙහි පසු වූ පුංචි දරුවකු සිය ජීවිතයේ අවසන් ගමන් ගොස් ඇතැයි කවරකු පිළිගනීද? නමුත් මෑණියන් මෙන්ම සියලු දෙනාවම තනිකරමින් පුංචි අමන්ත අකාලයේ ජීවිතය හැර ගොස් තිබිණි.
හද කකියවන මේ අවාසනාවන්ත මරණය සිදුව තිබුණේ කොළඹ - අවිස්‌සාවේල්ල ප්‍රධාන මාර්ගය ආසන්නයේ ඇති තුන්නාන ශ්‍රී ජයසුමනාරාම විහාරස්‌ථානයේ බෝධිමළුවේදීය. මෙසේ විහාරස්‌ථාන බෝධිය තුළදී විදුලිසර වැදීමෙන් මරණයට පත්ව තිබුණේ අංක 408/4 කූඩලුවිල බෝධිය අසල තුන්නාන හංවැල්ල ලිපිනයෙහි පදිංචිව සිටි දිෂාන් අමන්ත නමැති 14 හැවිරිදි දරුවාය.
මෙම අවාසනාවන්ත මරණය පිළිබඳ අදහස් දක්‌වන තුන්නාන ශ්‍රී ජයසුමනාරාමාධිපති තුන්නානේ සුමනශාන්ත හිමියන් -
සිද්ධිය වුණේ 29 රාත්‍රි 10.30 ට විතර මට ඇමතුමක් ආවා පන්සල අසලම ඉන්න අයකුගෙන් බෝධිය ඇතුළේ ළමයෙක් වැටිලා ඉන්නවා කියලා. ඒ අය බෝධිපූජා තියලා ඉවරවෙලා තියෙද්දි තමයි මේක දැකල තියෙන්නේ. මම පහළට ඇවිත් බලනකොට සෙනඟ පිරිලා හිටියා. බල්බ් එක තියන වයර් එකක් අල්ලගෙන හිටපු නිසා අපි විදුලිය විසන්ධි කරලා ළමයාව එළියට ගෙන පාදුක්‌ක රෝහලට ගෙනගියා. නමුත් ළමයා මියගොස් තිබුණා. කවුරුවත් යන්නේ නැති බෝධිය ඇතුළට මේ දරුවා මොකට ගියාද කියන්න දන්නේ නෑ.
මේ පිළිබඳව අදහස් දැක්‌වූ ඉසුරු සම්පත් (20) - එදා රාත්‍රි 8.45 ට විතර පන්සල ගාවින් යන කොට මේ මල්ලි බෝධිය ගාව හිටියා. එතකොට මමත් නතරවුණාම ඒ ගොල්ලන්ගේ අම්මා එනකං එයත් මමත් බෝධිය වැන්දා. 9.30 ට පිරිසක් බෝධි පූජා තියන්න ආවා. අපි ඒගොල්ලන්ටත් උදව් වුණා. 10.30 ට ඒ අය ගියා. මමත් ගෙදර යන්න හැදුවා. මල්ලි කීවා අම්මා එනකං ඉන්නවා කියලා. මම පඩිපෙළ දිහාට යනකොට "අම්මෝ" කියලා ශබ්දයක් ආවා. ආපසු දුවලා ගිහිං බලනකොට අමන්ත මල්ලි බෝධිය ඇතුළේ වැටිලා හිටියා. මම දුවලා ඒ අසල හිටිය අක්‌කට කීවා.
බෝධිය අසලම පදිංචි නිල්මිණි රණසිංහ අදහස් දක්‌වමින් - අපි බෝධිපූජා තියන්න එනකොට මේ දෙන්නා බෝධියේ බැම්ම ගාව හිටියා. අපිටත් උදව් වුණා. අපි පූජාව ඉවරවෙලා ගෙදර ගියා. ඉසුරු ඇවිත් කීවා අමන්ත මල්ලි වැටිලා ඉන්නවා කියලා.
අමන්තගේ මව චන්දකාන්ති මහත්මිය - අනේ මගේ දරුවා හරි අහිංසකයි. හාමුදුරුවෝ මහණ කරගන්නත් ඉල්ලුවා. තාත්තත් නැති දරුවාට මේ මොකද වුණේ. හිතාගන්නවත් බෑ. එදා රෑ වැඩපළේ ඉඳලා ගෙදර ගිහිං බැලුවාහම දරුවා ගෙදර හිටියෙ නෑ. දරුවාට කරදරයක් කියල පසුව දැනගත්තා.
දීෂාන් අමන්තට සහෝදරයන් දෙදෙනෙකි. සුමනජෝති විදුහලේ ඉගෙනුම ලබා ඇති දිෂාන්ගේ පියා මීට වසර 7 කට පෙර අතුරුදන්ව ඇති අතර මව ඔවුන් ඉතා දුකසේ හදා වඩාගෙන ඇත.
පසුගිය 30 දා පාදුක්‌ක රජයේ රෝහලේදී හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය නන්දසේන පන්නිපිටිය මහතා විසින් මරණ පරීක්‍ෂණය සිදු කරන ලදී.
හංවැල්ල - මධුර ප්‍රියන්ජිත්