ad

advertisment

Front Line

Online

Recent Post

Total Pageviews

Powered by Blogger.

Contact Form

Name

Email *

Message *

Advertisment

කෙටි පුවත්

local gossip

කොළඹ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ නව නිපැයුම්කරුවන්ගේ පරිශ්‍රයේදී පෙරේදා (30 වැනිදා) ඇතිවූ ගින්න මල්ලී විසින් නිපදවූ "පෙට්‍රල් හයිබ්‍රිඩ් ඉලෙක්‌ටි්‍රක්‌ රයිස්‌ කුකර්" උපකරණය දැල්වීමට ඔහුගේ අයියා උත්සාහ කිරීමේදී යම්කිසි ප්‍රමාද දොaෂයකින් ඇති වූවක්‌ බව කොළඹ අපරාධ කොට්‌ඨාසය සිදු කළ විමර්ශනවලදී ඊයේ (01 වැනිදා) හෙළිවී තිබේ.

ඒ අනුව ජාඇල ප්‍රදේශයේ පදිංචි තරුණයකු අපරාධ කොට්‌ඨාසය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන කොටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට ඊයේ (01 වැනිදා) සවස කටයුතු යොදා තිබිණි.

බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ තාවකාලිකව ඉදිකළ නිර්මාණ ප්‍රදර්ශන ගොඩනැඟිල්ල තුළ නව නිපැයුම් 271 ක්‌ ඉදිරිපත් කර තිබූ අතර ගින්න හේතුවෙන් එම නිර්මාණ සියල්ලම ගිනිගෙන අළු බවට පත්විය.

ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අත්අඩංගුවට ගත් සැකකරුගේ මල්ලී විසින් සුරතල් මසුන් ඇති කරන මාළු ටැංකිවලට යොදන මෝටරයක්‌ සහ කුඩා බට කිහිපයක්‌ උපයෝගී කරගෙන පෙට්‍රල් ආධාරයෙන් රයිස්‌ කුකර් උදුන ඉදිකර තිබී ඇත.

ප්‍රදර්ශනය ආරම්භක දිනය වූ පෙරේදා (30 වැනිදා) සම්මුඛ පරීක්‍ෂණයකට යැම සඳහා මල්ලීට අවස්‌ථාව නොලැබීම හේතුවෙන් ඔහු තම අයියාට උදුන භාවිත කරන අයුරු පුහුණු කර ප්‍රදර්ශනයට එවා ඇත. ඒ අනුව අයියා ප්‍රදර්ශන කුටියේ තිබූ උදුන දැල්වීමට යැමේදී එකවර ගින්න නිවී ඇත. එහිදී ගින්න නිවී ගිය හේතුව නොබලා නැවත ගිනිකූරක්‌ දැල්වීමත් සමග පෙට්‍රල් කාන්දු වූ ස්‌ථානයකින් ගිනිදැල් හටගෙන තිබේ. ඒ අවස්‌ථාවේ අසල තිබූ ලීටර් 05 ක්‌ පමණ වූ පෙට්‍රල් බූලියට ද ගිනි ඇවිළී මහ ගින්නක්‌ හටගෙන තිබේ.

ගින්න ඇති වන අවස්‌ථාවේ එය නිවා දැමීමට නිමැවුම භාරව සිටි තරුණයා උත්සාහ කර තිබෙන අතර එහිදී ඔහුගේ කකුල ද දැඩි ලෙස පිළිස්‌සී ඇත.

පොලිසිය තරුණයාගේ තුවාලවලට ප්‍රතිකාර කර ඉන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ බව උසස්‌ නිලධාරියෙක්‌ පැවසීය.

මෙම ප්‍රදර්ශන භූමිය සංවිධානය කළ නිලධාරීන් ද වඩා සුපරීක්‍ෂාකාරී ලෙස අවධානය යොමු කළේ නම් මෙවැනි නිපැයුම් වෙනත් නිර්මාණවලින් ඈත් කර එළිමහන් ස්‌ථානයක තැබීමට කටයුතු කළ යුතුව තිබූ බවද එම නිලධාරියා පෙන්වා දුන්නේය.

ගින්න හේතුවෙන් කිසිවකුටත් බරපතළ හානි සිදුව නොතිබූ අතර සිදුවූ දේපළ අලාභය රුපියල් කෝටි ගණනක්‌ විය හැකි බවද හෙතෙම කීය.

සිද්ධිය පිළිබඳව කොළඹ අපරාධ කොට්‌ඨාසයේ සහකාර පොලිස්‌ අධිකාරි වෙදිසිංහ මහතාගේ උපදෙස්‌ මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක නෙවිල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.

Widget by : All Blogging Tips

Advertiment

Lanka Gossip News

Lanka Gossip Gallery

Ads

http://i.imgur.com/cIDyDB4.jpg

Online TV

සතියේ ජනප්‍රියම පුවත්